මදූෂ් ඇල්ලුවේ ලතීෆ්! ගෞරවය ඔහුටයි! මදූෂ් එක්ක රාජ්‍ය තාන්ත්‍රිකයෙකුත් ඉඳලා!

February 6, 2019 at 7:20 am | by admin

ඩුබායිහි දී මාකඳුරේ මාදූෂ් ඇතුළු පාතාළ කල්ලියක් අත්අඩංගුවට ගැනීමේ ගෞරවය ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතීෆ් ඇතුළු ඔහුගේ කණ්ඩායමට හිමි විය යුතු බවට රාජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක සිය ට්විටර් ගිණුමේ සටහනක් තබා තිබේ.

මදූෂ් අත්අඩංගුවට ගැනීමට සුළු වෙලාවකට පෙර එදින විශ්‍රාම යාමට නියමිතව සිටි ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට ජනාධිපතිවරයා විසින් වසරක සේවා දිගුවක් ලබා දී තිබිණි.

එහෙත් පසුගිය 04 වෙනිදා ලතීෆ් විශ්‍රාම යාම සමරමින් ඩුබායිහි රැඳී සිටින පාතාළ ක්‍රියාකාරීන් සතුටු සාදයක් පැවැත් වූ බව ද වාර්තා වී තිබේ.

මේ අතර පාතාළ කල්ලිය සමග අත්අඩංගුවට ගත් පිරිස අතර රාජ්‍ය තාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍ර හිමියෙකු ද සිටින බව කලීජ් ටයිස් වෙබ් අඩවිය වාර්තා කරයි. මොහු එක්තරා ප්‍රබල ඇමතිවරයෙකුගේ පෞද්ගලික ලේකම්වරයකු බවට රාවයක් පැතිර යයි. මීට පෙරද ඔහු මත් ද්‍රව්‍ය සමග අත්අඩංගුවට පත්විය.

මේ වන විට අදාළ පිරිස නැවත ශ්‍රී ලංකාවට ගෙන ඒමට අවශ්‍ය රාජ්‍ය තාන්ත්‍රික කටයුතු ආරම්භ කර ඇතැයි ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරිවරයා පවසා තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *