සජිත් පාර්ශවය අරලියගහ මන්දරිය වටලයි! සජිත්ට ජනපති අපේක්ෂකත්වය දෙනතුරු රනිල් නිවාස අඩස්සියට!

September 9, 2019 at 9:26 am | by emanisa.lk

අගමැති එජාප නායක රනිල් වික්‍රමසිංහ සහ ඇමති එජාප නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදසා අතර ජනාධිපති අපේක්ෂකත්වය පිළිබඳ තීරණාත්මක සාකච්ඡාව පැවැත්වෙන හෙට (10) අරලියගහ මන්දිරය වැටලීමට සජිත් පාර්ශවය සැලසුම් කර ඇතැයි වාර්තා වෙයි.

මෙම සාකච්ඡාව හෙට හවස පැවැත්වීමට නියමිත අතර සජිත් ප්‍රේමදාස සාකච්ඡාව සඳහා අරලියගහ මන්දිරයට පැමිණෙන විට උත්සවකාරයෙන් පිළිගැනීමට ද සාකච්ඡා පැවැත්වෙන අතර ජයඝෝෂා කරමින් අරලියගහ මන්දිරය වටලා ගෙන සිටීමට ද එහිදී තීරණය කර තිබේ.

මේ සඳහා දස දහසක පමණ එජාප පාක්ෂිකයන් පිරිසක් කොළඹට කැඳවීමට නියමිත අතර අගමැති රනිල්, සජිත් ප්‍රේමදාසට ජනාධිපති අපේක්ෂකත්වය ලබා නොදුනහොත් අරලියගහ මන්දිරියේ සියලු දොරටු වටලා අපේක්ෂකත්වය ලබා දෙන තුරු අගමැතිවරයා නිවාස අඩස්සියට ගැනීමට ද සූදානම් බව එම ආරංචි මාර්ග පවසයි.

පසුගිය ඉරිදා (8) පැවැත්වීමට නියමිතව පැවති රනිල්-සජිත් සාකච්ඡාව ප්‍රමාද කළේ ද මෙම සැලසුමට අනුව කොළඹට සෙනඟ ගෙන ඒම ඇතුළු සංවිධාන කටයුතු සඳහා බව ද අනාවරණය විය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස