සජිත් ප්‍රේමදාස අඳුරු මීදුම පිරි රාත්‍රියට ආලෝකයක් වෙන්න කැමතියි! – සජිත්

October 15, 2019 at 7:58 am | by emanisa.lk

මේ රටේ මත්ද්‍රව්‍ය උවදුර පිළිබඳ කතා කිරීමට බොහෝ දෙනෙකු පැකිළෙන බවත් ජීවිත ලක්ෂයක් රැක ගැනීමට එක ජීවිතයක් අහිමි කිරීමට සජිත් ප්‍රේමදාස කිසිසේත් නොපැකිළෙන බව එජාප ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස පවසයි.

තමා ජනාධිපති වී අලුත් පිරිසක් සමග අලුත් ගමනක් ආරම්භ කරන බවත් හොරුන්ට දූෂිතයන්ට තම පාලනය තුළ කිසිම ඉඩක් නොමැති බවත් හෙතෙම අවධාරණය කරයි.

“ඩිග් ඩිග් ගාන ඔබේ හෘද ස්ඵන්දනයෙන් අපි ප්‍රාණය ශක්තිය ලබනවා. මුළු ආසනයම මේ වෙලාවේ මීදුමෙන් වෙළිලා. මේ මීදුම තුළ රාත්‍රී අන්ධකාරය තුළ සජිත් ප්‍රේමදාස විදිහට මම කැමතියි අලෝකයක් වෙන්න.”

හාලිඇල ජනරැලියකට සහභාගී වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස