සජිත්ගේ මාතර රැලිය අල කරන්න රනිල්ගෙන් සාදයක්!

August 20, 2019 at 3:32 pm | by emanisa.lk

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත්වීමට සුදානමින් සිටින සජිත් ප්‍රේමදාස වෙනුවෙන් අමාත්‍ය මංගල සමරවීර සංවිධානය කර ඇති රැලියට එජාප මන්ත්‍රීවරුන් සහභාගී වීම අවම කිරීමට අගමැති ලේකම් කාර්යාලය සැලසුමක් දියත් කර ඇත.

ඒ අනුව අදාළ රැලිය මාතර දී පැවැත්වෙන අගෝස්තු 23 වෙනි දිනම අරලියගහ මන්දිරයේ සාදයක් සංවිධානය කර තිබේ.

ඒ එක්සත් ජාතික පෙරමුණ ආණ්ඩුවට වසර 4ක් සැපිරීම සඳහා යයි පවසමිනි. මෙම සාදය සඳහා තම තමන්ගේ පවුලේ සාමාජිකයින්ද කැටුව එන්නැයි ආරාධනය කර තිබීම සුවිශේෂ කාරණයකි.

කෙසේ වුවද මාතර රැස්වීමට සහභාගි වී අරලියගහ මන්දිරියේ සාදයට පැමිණෙන බව එජාප මන්ත්‍රීවරුන් අගමැති කාර්යාලයේ නිලධාරීන්ට දැනුම් දී ඇතැයි වාර්තා වෙයි. මාතර සිට කොළඹට අධිවේගී මාර්ගය ඔස්සේ පැයකින් පමණ පැමිණිය හැකිය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස