විපක්ෂයේ කාර්යභාරය ඉටුකරන්න අපි සූදානම්! – ජවිපෙ

December 1, 2019 at 12:29 pm | by emanisa.lk

ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුට සාධනීය විවේචනයක් ගොඩනගමින් විපක්ෂයේ කාර්ය භාරය ඉටු කිරීමට ජාතික ජන බලවේගය සූදානම් බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස පවසයි.

වත්මන් ආණ්ඩුවට සැබෑ විපක්ෂයක් වීමට එක්සත් ජාතික පක්ෂයට රනිල් වික්‍රමසිංහට හෝ සජිත් ප්‍රේමදාසට හැකියාවක් නොමැති බවත් ඔවුන් මෙතෙක් පොරකා ඇත්තේ ජනාධිපති අපේක්ෂකත්වය විපක්ෂ නායක සහ පක්ෂ නායක ධුරය සඳහා බවත් හෙතම පෙන්වා දෙයි.

මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේ අද (01) කලුතර පැවති වැඩසටහනකට එක්වෙමිනි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට රට පාලනය කිරීම සඳහා දින 1825ක් පවතින බවත් තවමත් ගෙවී ඇත්තේ දින 14ක් පමණක් බවත් මන්ත්‍රීවරයා පවසයි.

එතුමාට ලැබුණු ජන වරම ක්‍රියාත්මක කරන්නේ කෙසේද යන්න බව බලා සිටින බවද මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස