රාජිතට 17 වෙනිදා අධිකරණයේ පෙනී සිටින්න නියෝග! අත්අඩංගුවට ගැනීමේ අවධානමෙන් මිදුණු රාජිත රෝහලින් නික්ම යයි!

January 14, 2020 at 8:25 am | by emanisa.lk

දින 18ක පමණ කාලයක් නාරාහේන්පිට ලංකා පෞද්ගලික රෝහලේ සිටි පාර්ලිමේන්තු රාජිත සේනාරත්න ඊයේ (13) රාත්‍රී ඉන් නික්ම ගොස් තිබේ.

සුදු වෑන් මාධ්‍ය හමුව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමේ නියෝගයක් දෙසැම්බර් 24 වෙනිදා නිකුත් කිරීම සමග දින දෙකක් සැඟව සිටි රාජිත සේනාරත්න අනතුරුව දෙසැ. 26 වෙනිදා නාරාහේන්පිට ලංකා රෝහලට ඇතුළත් විය.

මේ අතර එළඹෙන 17 වෙනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස රාජිත සේනාරත්නට නොතීසි නිකුත් කර තිබේ. ඒ පසුගිය 30 වෙනිදා රාජිත සේනාරත්නට ඇප ලබා දීමට අධිකරණය ගත් තීන්දුව අභියෝගයට ලක්කරමින් නීතිපතිවරයා නිකුත් කළ ප්‍රතිශෝධන අයඳුම්පතක් සලකා බැලීමෙන් පසුය.

සුදු වෑන් නඩුවේ තුන්වන සැකකරු ලෙස නම්කොට තිබූ රාජිත සේනාරත්නගෙන් ප‍්‍රකාශයක් ලබා ගැනීමට හෝ අවසර නොතිබූ පසුබිමක තම දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් ඉදිරිපත් කළ විරෝධතා පවා නොතකමින් උගත් මහෙස්ත‍්‍රාත්වරිය නිකුත් කළ එම ඇප නියෝගය නිසා ඒ සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට දැඩි බාධාවක් වී ඇතැයි නීතිපතිවරයා එම ප‍්‍රතිශෝධන අයදුම්පත මගින් මහාධිකරණයට පෙන්වාදී තිබිණි.

යම්කිසි සිද්ධියක් හෝ අපරාධයක් සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකදී ප‍්‍රධාන විමර්ශන නිලධාරියා වනුයේ ගරු අධිකරණය බවත් එමගින් මහාධිකරණයට පෙන්වා දී තිබූ නීතිපතිවරයා විමර්ශන සිදුකිරීම සඳහා අවශ්‍ය සහය ලබාදීම ගරු අධිකරණයේ ප‍්‍රධාන වගකීම හා යුතුකම බවත් පෙන්වාදී තිබිණි.

එසේ තිබියදීත් ප‍්‍රධාන සැකකරු වන රාජිත සේනාරත්න අත්අඩංගුවට ගෙන දින තුනක් යෑමටත් මත්තෙන් සිදුකළ එම ඇප නියෝගය අවලංගු කරන ලෙසටද මහාධිකරණයෙන් ඉල්ලා තිබිණි.

ඔහුගේ සැබෑ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා මගින් වෛද්‍ය වාර්තාවක් කැඳවන ලෙසට පැමිණිල්ල දෙවරක්ම කළ ඉල්ලීමද ප‍්‍රතික්‍ෂ්ප කර එම ඇප නියෝගය නිකුත් කර ඇති බවද නීතිපතිවරයා වැඩිදුරටත් මහාධිකරණයට පෙන්වාදී තිබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස