රණවිරු දඩයමේ තිරපිටපත්කරු ශානි අබේසේකරයි! – අජිත් ප්‍රසන්න

July 31, 2019 at 10:06 am | by emanisa.lk

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර මෙරට රණවිරු දඩයම නාටකයේ තිර පිටපත්කරු යැයි විශ‍්‍රාමික මේජර් නීතිඥ අජිත් ප‍්‍රසන්න ඊයේ (30) පැවති මාධ්‍ය හමුවකදී චෝදනා කළේය.

තමා සන්තකයේ වීඩියෝ පටයක් ඇති බවත් එහි එක්නැලිගොඩ නඩුවේ හතරවැනි සැකකරුගේ බිරිඳ ලවා සිය සැමියා පැහැර ගැනීමට අණ දුන්නේ හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ යැයි තමාගේ සැමියා ලවා උසාවියේදී මහෙස්ත‍්‍රාත්වරයාට පවසන ලෙස බල කර ඇති බවත් එසේ වුවහොත් සිය සැමියා නිදහස් කර දෙන බවට ශානි අබේසේකර සිය කාර්යාලයේදී පැවසූ බවට අදාළ කාන්තාව ප‍්‍රසිද්ධ මාධ්‍ය හමුවකදී පැවසූ බව ද ඔහු පැවසීය.

චෝදනා ලබා ඇති කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍ය ෂාෆි ෂෙහාබ්ඩීන්ගේ ගිණුම් සම්බන්ධයෙන් නිවැරදි වාර්තා ඉදිරිපත් කිරීමට ද අපොහොසත් වි ඇති ශානි අබේසේකර මෙතරම් සංකීර්ණ විමර්ශනයක් අවසන් බවට රට හමුවේ ප‍්‍රකාශ කර ඇතැයි ද වැඩිදුරටත් කියා සිටියේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස