වෛද්‍ය ෂාෆිට ඇප! ෂාෆි ඇල්ලූ පොලිස් නිලධාරීන් ගස්!

July 30, 2019 at 2:43 pm | by emanisa.lk

කුරුණෑගල දිස්ත්‍රික්කය භාර නියෝජ්‍ය පොලිස්පති වසන්ත කිත්සිරි ජයලත් හා කුරුණෑගල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මහින්ද දිසානායක දණ්ඩනීති සංග්‍රහය, ආයතන සංග්‍රහය හා පොලිස් නියෝග උල්ලංඝනය කර ඇතැයි ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට සූදානම් වෙයි.

ඔවුන්ට මෙසේ චෝදනා එල්ල වී ඇත්තේ සාවද්‍ය ලෙස දේපළ උපයා ගැනීමේ චෝදනාව යටතේ වෛද්‍ය ෂාෆි ශෙහාබ්ඩීන් අත්අඩංගුවට ගැනීම පදනම් කරගෙනය. මේ වන විට වෛද්‍ය ෂාෆි ඇප ලබා සිටියි.

ඒ අනුව ඔවුන් දෙදෙනා වහාම වෙනත් සේවා ස්ථානවලට මාරුකිරීම සඳහා වැඩබලන පොලිස්පති චන්දන වික්‍රමරත්න විසින් ජාතික පොලිස් කොමිසමේ නිර්දේශයක් ලබාගැනීමට ලිඛිත ඉල්ලීමක් කර ඇතැයි පොලිස් මුලස්ථාන ආරංචි මාර්ග පවසයි.

වැඩබලන පොලිස්පතිවරයා මෙම පොලිස් නිලධාරීන් දෙදෙනාට එරෙහි චෝදනා සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් විශේෂ වාර්තාවක් කැඳවා තිබිණ. එම වාර්තාව 28 වන දා වැඩබලන පොලිස්පතිවරයාට ලැබී ඇතැයි ඉහත ආරංචිමාර්ග වැඩිදුරටත් පවසයි.

ජාතික පොලිස් කොමිසමේ නිර්දේශය ලද වහාම අවශ්‍ය පියවර ගැනීමට වැඩබලන පොලිස්පතිවරයා තීරණය කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස