රට ගොඩදාන්න පුළුවන් මධ්‍යස්ථ පරිණත කරූට විතරයි! මධ්‍යස්ථ ඡන්ද 30 ලක්ෂයක් වගේම සුළුජන ඡන්දත් ඔහුටයි! – NGO ක්‍රියාකාරීන් 40ක් කතානායක හමු වී කියයි….

September 6, 2019 at 10:43 pm | by emanisa.lk

රට තුළ දේශපාලන ආර්ථික හා සමාජීය ස්ථාවර බවක් ඇති කිරිම සඳහා දේශපාලනිකව කිසිදු අන්තයකට නොගොස් මධ්‍යස්ථ හා පරිණතභාවයෙන් යුතුව කටයුතු කළහැකි නායකත්වයක් අවශ්‍යව ඇති බව අද (06) දින කථානායක කරූ ජයසූරිය හමුවූ ප්‍රධාන පෙලේ සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් රැසක් පෙන්වා දී තිබේ.

මෙම අවස්ථාව සඳහා සිවිල් සංවිධාන ප්‍රධානීන් 40කට අධික පිරිසක් සහභාගී වී ඇත.

එහිදී කිසිදු පක්ෂයක සාමාජිකයන් නොවන ලක්ෂ 30කට ආසන්න මධ්‍යස්ථ ජනතාවගේ මෙන්ම සුළුජන කොටස්වලද සහය දිනාගත හැකි, ක්ෂේත්‍ර ගණනාවක පලපුරුද්ද හා රාජ්‍යතාන්ත්‍රික සබඳකම්වලින් සපිරි නායකයෙකු ලෙස කරු ජයසුරිය කෙරෙහි තමන් තුළ දැඩි විශ්වාසයක් පවතින බවද සඳහන් කළ ඔවුන්, ඉදිරියේ දී පැවැත්වෙන ජනාධිපතිවරණයේ දී සියලු බලවේග ඒකරාශී කර නැගී එන පැසිස්ට්ස්වාදී තර්ජනයට මුහුණ දීම සඳහා නායකත්වය ගන්නා ලෙස ඉල්ලා ඇත.

අපවත් වී වදාළ මාදුළුවාවේ සෝභිත නා හිමියන් ගොඩනැගු සාධාරණ සාමාජයක් සඳහා වූ බලවේගය ඇතුළු සියලු පුරවැසි ව්‍යාපාර එම අරමුණු වෙනුවෙන් තව දුරටත් අඛණ්ඩව පෙනි සිටින බව සඳහන් කළ ඔවුහු කරු ජයසූරිය ජනපතිවරණයට ඉදිරිපත් වන්නේ නම් සිය උපරිම ශක්තියෙන් ඒ සදහා දායක වන බවද කියා සිටියහ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස