රනිල් සජිත් කරූ තිදෙනාම එකට තබා පරාජය කරන්න ජනතාව තීන්දු කර අවසන්! – මහින්ද

August 23, 2019 at 2:39 pm | by emanisa.lk

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා කවුරු වුවත් එක්සත් ජාතික පක්ෂය දෙකඩවීම වැළැක්විය නොහැකි බව හිටපු ජනාධිපති විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ පවසයි.

ඔහු මෙසේ පැවසුවේ ඊයේ (22) පෙරවරුවේ බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ කාර්යාලයේ පැවැති රැස්විමකට එක්වෙමිනි.

සාමාන්‍යයෙන් පක්ෂ නායකත්වයට ගරු නොකරන පුද්ගලයෙක්ට තවදුරටත් එම පක්ෂ නායකත්වය යටතේ කටයුතු කළ නොහැකි බව පෙන්වා දුන් මහින්ද රාජපක්ෂ පැවසුවේ මේ වන විට එක්සත් ජාතික පක්ෂයේ පක්ෂ නායකත්වයට ගරු නොකරන පිරිසක් නිර්මාණය වී ඇති බවයි.

ජනාධිපතිවරණ අපෙක්ෂකත්වයට එක්සත් ජාතික පක්ෂයෙන් කවුරු ඉදිරිපත් කළද මේ ගැටුම තව තවත් උග‍්‍රවන බව පෙන්වා දුන් මහින්ද රාජපක්ෂ, රනිල් වික‍්‍රමසිංහ සජිත් ප්‍රේමදාස කරූ ජයසූරිය ඇතුළු සියලු දෙනා එක්ව ජනාධිපතිවරණයට ඉදිරිපත් වුවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජයග‍්‍රහණය කරවීම සඳහා ජනතාව ගෙන ඇති තීන්දුවට කිසිදු බලපෑමක් සිදුනොවන බවද පෙන්වා දුන්නේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස