ජනතාවට උවමනා වුණේ රට නිවැරදි මාවතට ගන්න නායකයෙක් මිස ගෝඨාභය රාජපක්ෂ නෙමෙයි! – ජනපති

January 11, 2020 at 4:39 pm | by emanisa.lk

ජනතාවට අවශ්‍ය වූයේ වැරදි මාවතක ගමන් ගත් රට නිවැරදි කිරීමේ නායකත්වයක් මිස ගෝඨාභය රාජපක්ෂ කෙනෙකු නොවන බව ජනාධිපතිවරයා පවසයි.

එහෙයින් අවශ්‍යතා හඳුනාගනිමින් පොරොන්දු ඉටු කිරීමට හැකි උපරිමයෙන් කැපවන බවයි ජනාධිපතිවරයා සඳහන් කරයි.

පසුගියදා (09) අරලිගහ මන්දිරයේ පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තරුණ සම්මේලනය අමතමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියේය.

වැරදි මාවතක ගිය රට නිවැරදි දිසාවට යොමු කරන පරිවර්තනයට දායක වූ තරුණ පරපුරට ජනාධිපතිවරයා මෙහිදි සිය කෘතඥතාවයද පළ කළේය.

තරුණයාගේ මෙන්ම සමස්ත ජනතාවගේ සිතුම් පැතුම් සහ අවශ්‍යතා පිළිබඳ මනා අවබෝධයකින් කටයුතු කිරීමට තම රජය හැකි උපරිමයෙන් ක්‍රියා කරන බව ජනාධිපතිවරයා එහිදී සඳහන් කර ඇත.

තමා ජනාධිපති ධූරයට පත් කළා සේම සිය ප්‍රතිපත්ති ජනතාව වෙනුවෙන් ඉදිරියට ගෙන යාම සඳහා ද සහාය අපේක්ෂා කරන බවද ජනාධිපතිවරයා මෙහිදී තරුණයින් හට ප්‍රකාශ කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස