RMV පැමිණි ජනපති ජනතා ජයඝෝෂා මැද සිස්ටම් චේජ් කරයි! ජනතා ගැටලු විසඳන යාන්ත්‍රණයක් මාස දෙකකින් ඉල්ලයි!

December 27, 2019 at 10:33 am | by emanisa.lk

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඊයේ (26) මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වේරහැර කාර්යාලයේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.

එම කාර්යාලයේ පැවති අධික තදබදයට වහා පිළියම් යොදන ලෙස ජනාධිපතිවරයා එහිදී උපදෙස් ලබා දුන්නේය. ඇතැම් නිලධාරීන් කාර්යාල පරිශ්‍රයේ නොසිටීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගෙන් විවේචනය එල්ල විය.

ජනතාවට රස්තියාදු නොකර කාර්යක්ෂමව සේවාව ලබාදීම සඳහා ක්‍රමවේදයක් ඇති කරන ලෙස උපදෙස් දුන් ජනාධිපතිවරයා එය නිරීක්ෂණය කිරීම සඳහා තමන් නැවත මාස 2ක් ඇතුළත එහි එන බවද සඳහන් කළේය.

එහි සිටි ජනතාව බලාපොරොත්තු නොවූ අවස්ථාවක පැමිණි ජනාධිපතිවරයාට සිය ගැටලු ඉදිරිපත් කළ අතර ජනාධිපතිවරයා ඊට මැදිහත් වූ ආකාරයට ජනතාව ජය ඝෝෂා නැගූහ.

කෙසේ නමුත් එහි සිටි රාජ්‍ය නිලධාරීන්ට ජනාධිපතිවරයා දැඩිව දොස් නොපැවරු අතර ජනතාවට සේවය කඩිනමින් ලබාදීම සඳහා ක්‍රමවේදය ඉක්මනින් වෙනස් කළ යුතු බව දැනුම් දුන්නේය.

තමන් තිස් වසරක් රාජ්‍ය සේවයේ නියුතු වූ බවත් ජනතාව විසින් තමන් ජනාධිපති බවට පත්කර ගෙන ඇත්තේ එම කාර්යය නිසි ලෙස කිරීම නිසා බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස