මම ශ්‍රීලනිපය රකින්න චන්ද්‍රිකා එක්ක රට පුරා යනවා! – වෙල්ගම

October 21, 2019 at 6:09 pm | by emanisa.lk

විදෙස්ගතව සිටින හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග ශ්‍රී ලංකාවට පැමිණි පසු තමන් ඈ සමඟ සාකච්ඡා කර ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම සඳහන් කරයි.

තමන් කිසි දිනක එක්සත් ජාතික පක්ෂයට හෝ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට එක් නොවන බවද පැවසූ වෙල්ගම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගොඩනැගීමට චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය සමග එක්වන බවත් ඒ සඳහා තමන් රටපුරා යාමට සූදානම් බවත් ඔහු පැවසීය.

තමන් අද ද හෙට ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතහැර නොයන බවත් තමා දේශපාලනය අවසන් කරන්නේ ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් බවත් හෙතෙම පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස