ශ්‍රීලනිප සන්ධානයේ ජනපති අපේක්ෂක විජේදාස! වෙල්ගමගේ රෙද්ද බැනියම ආයෙත් හැලෙයි!

September 15, 2019 at 5:49 pm | by emanisa.lk

ශ්‍රී.ල.නි.ප.යේ මන්ත්‍රීවරු කිහිපදෙනෙක් හා තවත් පොදු සංවිධාන කිහිපයක එකතුවෙන් හිටපු ජනාධිපතිනියගේද අනුග්‍රහයෙන් ගොඩනගන්නට යන නව දේශපාලන සන්ධානයේ ජනාධිපති ධුර අපේක්ෂකයා ලෙස ජනාධිපති නීතිඥ විජේදාස රාජපක්ෂගේ නම යෝජනා වී ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම සන්ධානය සඳහා ජනාධිපතිවරයා ඍජුව සහය පළකරන බවක් වාර්තා වී නැත.

එහෙත් මේ ගැන පැවති සාකච්ඡා ගණනාවකට දහම් සිරිසේන සහ විජේදාස රාජපක්ෂගේ පුත් රඛිත රාජපක්ෂ සහභාගී වී ඇතැයි ශ්‍රීලනිපයේ නම් සඳහන් කිරීමට අකමැති වූ මන්ත්‍රීවරයෙක් ප්‍රකාශ කළේය.

කලින් මෙබඳු සන්ධානයකින් කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී කුමාර වෙල්ගම ඉදිරිපත් කළ යුතු යැයි මතයක් පළවුවත් ඒ සඳහා බහුතර සාමාජිකයන් එකඟ නොවීම නිසා විජේදාස රාජපක්ෂගේ නම ඊට යෝජනා වී ඇතැයි පැවසේ.

– deshaya

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස