වෙල්ගමගේ සහාය ගෝඨාට ලබා දෙන ඉල්ලා මතුගම සත්‍යග්‍රහයක්! පිටුපස වෙල්ගම සිටන බවට සැකයක්!

October 19, 2019 at 7:57 am | by emanisa.lk

ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ උප සභාපති කළුතර දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු ඇමැති කුමාර වෙල්ගමට දේශපාලනිකව නිහඬව නොසිට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහයෝගය ලබාදීමට පැමිණෙන ලෙසට ඉල්ලා භික්‌ෂූන් වහන්සේලා තුන් නමක්‌ සහ තවත් ආධාරකරුවන් තිදෙනෙකුත් පෙරේදා (17) මතුගම නගරයේදී ආරම්භ කළ සත්‍යග්‍රහයක්‌ ඊයේ (18) වන විට දෙවැනි දිනටත් ක්‍රියාත්මක විය.

මෙම සත්‍යග්‍රහයට තෙබුවන ග්‍රන්තාකර පිරිවෙන් විහාරාධිති තෙබුවන ඥානින්ද නායක හිමියන්, බොන්දුපිටියේ නාගතිස්‌ස හිමියන්, මාවිට ඤාණරතන හිමියන් සමග ප්‍රභාත් විජේවර්ධන, දුමින්ද දයාශාන්ත සහ නාලක සමරසිංහ යන පිරිස එක්‌වී සිටියහ. එම අවස්‌ථාවට මතුගම ප්‍රාදේශීය සභාවේ සභාපති මෙරිල් මුණසිංහ ඇතුළු පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු සහ අධාරකරුවෝ පිරිසක්‌ එක්‌වී සිටියහ.

මෙහිදී අදහස්‌ දැක්‌ වූ පූජ්‍ය තෙබුවන ඥානින්ද නායක හිමියන් පැවසුවේ කළුතර දිස්‌ත්‍රික්‌ ජනතාවගෙන් වැඩිම මනාප ප්‍රමාණයක්‌ ලබාගෙන තේරී පත් වූ කුමාර වෙල්ගමගේ සහයෝගය මේ අවස්‌ථාවේ රටේ අනාගතය තීරණය කිරීමට ඉතාම අවශ්‍ය බැවින් ඔහු තවදුරටත් නිහඬව නොසිට ක්‍රියාකාරී දේශපාලනයට පිවිස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට එක්‌විය යුතු බවය.

එම නිසා ඒ සඳහා කුමාර වෙල්ගමට බල කරමින් ඉල්ලා සිටීමට මෙම සත්‍යග්‍රහය ආරම්භ කළ බවත් ඒ සඳහා අද දිනයේ යහපත් ප්‍රතිචාරයක්‌ නොමැති වූවහොත් සත්‍යග්‍රහයේ යෙදී සිටින පිරිස මාරාන්තික උපවාසයක්‌ දක්‌වා ගෙන යෑමට තීරණය කර ඇති බවත් උන්වහන්සේ ප්‍රකාශ කළහ.

මේ අතර ඇතැම් දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ කුමාර වෙල්ගම ගෙන ගිය දේශපාලන සටන පරාජයට පත්වීම නිසා නැවත පොදුජන පෙරමුණට එකතු වීම සඳහා මාර්ගයක් පාදා ගැනීමට ඔහුගේ ද අනුදැනුම ඇතිව මෙම උපවාසය සංවිධානය කර ඇති බවය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස