ශ්‍රීලනිප ජනාධිපති අපේක්ෂකයා කුමාර වෙල්ගම!

June 28, 2019 at 8:41 am | by emanisa.lk

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජනාධිපති අපේක්ෂක ධුරය සඳහා අවස්ථාවක් ලබා දෙන්නේ නම් ඒ පිළිබඳ සලකා බැලීමට සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම පවසා තිබේ.

පසුගියදා ශ්‍රීලනිප මූලස්ථානයේ පැවති පිරිත් පිංකමක් සඳහා කුමාර වෙල්ගම සහභාගී වූ අතර එහි බලධාරීන් ඔහු ඉතාම උණුසුම් ලෙස පිළිගත් බව වාර්තා විය.

තමා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකයකු නොවන බවත් පොදුජන පෙරමුණේ බදුල්ලේ සංවිධායක ලෙස තමන්ට මහින්ද රාජපක්ෂ ලබා දුන් කොන්ත්‍රාත්තුව දැන් හමරා බවත් ඔහු එහිදී පවසා ඇත.

කළුතර සිය නිජබිම බවත් තමන් හැමදාමත් හොඳ ශ්‍රී ලංකාකාරයකු බවත් පවසා ඇති වෙල්ගම ගෝඨාභය රාජපක්ෂට ජනපති අපේක්ෂකත්වය ලබා දීමට එරෙහිව බවත් අවධාරණය කර තිබේ.

ජනාධිපති අපේක්ෂකත්වය ලැබිය යුත්තේ රෙද්ද බැනියම අඳින අයකුට බවත් ශ්‍රීලනිප ජනපති අපේක්ෂකත්වය ලැබෙන්නේ නම් ඒ පිළිබඳ සලකා බැලීමට සූදානම් බවත් එහි දී කුමාර වෙල්ගම සඳහන් කළ බව වාර්තා වෙයි.

මේ අතර ශ්‍රීලනිපය ජනාධිපතිවරණය සඳහා සිය පක්ෂය අපේක්ෂකයකු ඉදිරිපත් කරන බව ප්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස