ශ්‍රීලනිප ජනපති අපේක්ෂකත්වය ගන්න මම සූදානම්! මට සත්තකින්ම රැල්ලක් හදන්න පුළුවන්! ගෝඨා පරද්දලා ජනපති වෙන්නත් පුළුවන්!- වෙල්ගම (video)

July 1, 2019 at 10:35 am | by emanisa.lk

තමන්ද රෙද්ද බැනියම අඳින නායකයෙක් බවත් ජනාධිපති අපේක්ෂකත්වයට තමන්ද සුදුසු බවත් අපේක්ෂකත්වය ලැබුණොත් ජයග්‍රහණය කළ හැකි බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම පවසයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ජනාධිපති අපේක්ෂකත්වය ලදහොත් තමනට රැල්ලක් ගොඩනඟාගත හැකි බව විශ්වාස යැයි ද ඔහු සඳහන් කළේය. තමා කලක් පොදුජන පෙරමුණට උදව් කළේ ජනපති සිරිසේන සමග පැවති විරෝධය නිසා බව ද ඔහු පැවසුවේය.

ඔහු මෙම අදහස් දැක්වූයේ දෙරණ රූපවාහිනියේ ‘මොකද වුණේ?’ වැඩසටහන සමග එක්වෙමිනි.

ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපති අපේක්‍ෂකයා බව පොදුජන පෙරමුණ තමන්ට දැන්වූ බවත් ඔහුට තම සහාය කිසිසේත්ම ලබා නොදෙන බවත් සඳහන් කළ මන්ත්‍රීවරයා ඔහු වෙනුවට වෙනත් අයකු ඉදිරිපත් වුවහොත් සහාය ලබා දෙන බව ද කීවේය.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස