මංගලගේ සූත්‍රයෙන් ආණ්ඩුව හබක්! වෙල්ගම හරි! 2020ටත් මෛත්‍රීමයි.-මුතුහෙට්ටිගම  

January 26, 2019 at 5:57 am | by admin

මහින්ද රාජපක්ෂ මහතා අගමැති කිරිමට තමා හදවතින්ම කැමති නමුත් 2020 සිය ජනාධිපති අපේක්ෂකයා වර්තමාන ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා බව වරාය හා නාවික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම මහතා පවසයි.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා කියා සිටියේ 2015  මැතිවරණයෙන් ලැබුණු බලය කාලකන්නි විදියට පාවිච්චි කරමින් කැබිනට් ඇමතිවරුන් නියෝජ්‍ය ඇමතිවරුන් කරන දුෂණ වංචා කොමිස් ගැහැලි නිසා යහපාලන ආණ්ඩුවේ නමටත්  ලැජ්ජාවක් බවයි.

මේ වැරදි කරපු අයට පුලුවන් නම් දඬුවම් දෙන ලෙස අගමැතිවරයාට අභියෝග කරන බව පැවසු ඒ මහතා එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රිවරුන් රඳවා ගැනිමට වෙනම දිමනා සහ වාහන දිමට සිදුවු බවත් පැවසීය.

කුමාර වෙල්ගම මහතාගේ අදහස තමා අනුමත කරන බවද ඒ මහතාගේ ප්‍රකාශය හරියට හරි බවද  මංගල සමරවිර මුදල් ඇමතිවරයාග් මිල සූත්‍රය මේ ආණ්ඩුව ගෙදර යවන එකක් බව ද මුතුහෙට්ටිගම මහතා වැඩි දුරටත් කියා සිටියේය.

ඒ මහතා මේ බව පැවසුවේ ගාල්ලේ අද(21) පැවති මාධ්‍ය හමුවකදිය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස