පාස්කු ප්‍රහාරයේ වගකීම ගෝඨාට පටවන නාඩගම අතේ මාට්ටු! – එජාප මහා හෙළිදරව්ව ගම්මන්පිල රටටම කියයි… (video)

October 29, 2019 at 4:10 pm | by emanisa.lk

එළඹෙන ජනාධිපතිවරණයේ දී ලැබීමට නියමිත අන්ත පරාජයෙන් ගැලවීමට පාස්කු ප්‍රහාරයේ වගකීම ගෝඨාභය රාජපක්ෂ මතපැටවීමේ කුමන්ත්‍රණයක් පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල හෙළිදරව් කරයි.

මේ වෙනුවෙන් තවුහිද් ජමාත් ත්‍රස්තවාදියකු බව පවසන අයකු පාපොච්චාරණයක් කරන ආකාරයට වීඩියෝගත කර තිබේ. එහිදී ජනාධිපතිවරණයේ දී ජාතික ආරක්ෂාව ප්‍රමුඛත්වයට ගැනීම සඳහා ගෝඨාභය රාජපක්ෂ පාස්කු ප්‍රහාරය එල්ල කිරීමට ත්‍රස්තවාදීන්ට උපදෙස් ලබා දුන් බව පාපෝච්චාරණය කෙරේ.

මෙම වීඩියෝව එජාප සමාජජාලා මගින් ප්‍රචාරය කිරීමටත් අනතුරුව එජාප කතෝලික නායකයන් ඒ පිළිබඳ මහා හඬක් නඟා කතෝලික ජනතාව මරා දැමීමේ වගකීම ගෝඨාභය මත පැටවීමටත් සැලසුම් කර තිබේ.

අනතුරුව කතෝලික පියතුමන්ලා සහ කතෝලික ප්‍රභූවරුන් මාර්ගයෙන් අදාළ සිද්ධිය පිළිබඳ අපක්ෂපාතී පරීක්ෂණයක් පැවැත්වීමට බලකරමින් කතෝලික ජනමතය සජිත් ප්‍රේමදාස වෙත දිනා ගැනීමට සැලසුම් කර තිබේ.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස