පාස්කු ප්‍රහාරය පිළිබඳ ස්වාධීන කොමිසමක්! ත්‍රස්තවාදය අන්තවාදය නොමැති රටක්! – ගෝඨා කාදිනල්තුමාගේ ඉල්ලීමට එකඟවෙයි…

August 26, 2019 at 7:51 am | by emanisa.lk

ඉදිරියේ දී තම ආණ්ඩුවක් යටතේ අගරදගුරුතුමා විසින් ඉල්ලා සිටින පාස්කු ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ ස්වාධීන කොමිෂන් සභාවක් පිහිටුවා යුක්තිය ඉටු කිරීමට කටයුතු කරන බවත් ත්‍රස්ත බියෙන් තොර නිදහසේ ජීවත් විය හැකි රටක් ගොඩනඟන බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරයි.

එම සම්පූර්ණ නිවේදනය මෙසේය.

මාධ්‍ය නිවේදනය

කතෝලික රදගුරු මණ්ඩලය සහ අගරදගුරු අති උතුම් මැල්කම් රංජිත් හිමිපාණන් 2019 අප්‍රෙල් 21 වැනිදා පාස්කු ඉරිදා සිදුවූ ව්‍යසනය සම්බන්ධයෙන් නිකුත්කර තිබූ නිවේදනය කෙරෙහි මාගේ අවධානය යොමු විය.

මුළු රටම කම්පනයට පත් කරමින් අහිංසක ජනතාව මරුමුවට හා අතිබිහිසුණු ලෙස තුවාල සිදු කරමින් පාස්කු ඉරිදා සිදුවූ මෙම කුරිරු ත්‍රස්ත ප්‍රහාරය නිසා මිය ගිය අයගේ ඥාතීන් සහ පීඩනයට පත්වී ඇති ජනතාවගේ ඉල්ලීම තවමත් ඉටු නොවීම නිසා උන්වහන්සේ පත්වී ඇති අපහසුතාව සහ පීඩනය මට තේරුම් ගත හැකිය.

එම නිවේදනය මගින් ඉල්ලා සිටිනුයේ මෙම ප්‍රහාරය පිටුපස සිටි සහ ඒ සඳහා කුමන්ත්‍රණය කළ අය, සංවිධානය කළ අය, ඊට අනුග්‍රහය දැක්වූ අය, වගකීම් පැහැර හැර සිය රාජකාරිය ඉටු නොකළ අය, සැකකරුවන් අත්අඩංගුවට නොගෙන හෝ ගෙන නිදහස් කළ අය, සෙවීම සහ නිර්දේශ ඉදිරපත් කිරීම සහ වැරැදිකරුවන් වන අය නීතියේ අධිපත්‍යයේ යටතට ගෙන ඒමට බලයත් ජනතා අධිකාරී බලයක් ඇති ස්වාධීන කොමිෂන් සභාවක් පත් කරන ලෙසයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස