පාස්කු ප්‍රහාරයට වසරක් පිරෙද්දි සහරාන්ගේ තවත් කඳවුරක් අල්ලයි! අවි පුහුණුව ලැබූ මාවනැල්ලේ ත්‍රස්තයන් 5ක් අත්අඩංගුවට!

April 26, 2020 at 11:23 pm | by emanisa.lk

පාස්කු බෝම්බ ප්‍රහාරයෙන් වසරකට පසු සහරාන්ගේ තවත් කඳවුරක් මූතුර්වලින් සොයා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සමත්ව ඇත.

එම පුහුණ කඳවුර ගැන තොරතුරු අනාවරණය වන්නේ වසරක් තිස්සේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවේ සිටින සාදික් නැමැති මරාගෙන මැරෙන පුහුණුව ලැබූ ත්‍රස්තවාදියාගෙන් දිර්ඝ ලෙස කරනු ලැබූ ප්‍රශ්න කිරීම්වලදීය. මාවනැල්ල බුදුපිළිම වලට හානි කළ පුද්ගලගයා වන්නේද ඔහුය.

2014 වසරේදී තුර්කිය හරහා සිරියාවට ගොස් අයිඑස් පුහුණුව ලබා ඇති ඔහු බමෙරටට පැමිණීමෙන් පසු මෙම පුහුණ කඳවුර ආරම්භ කර තිබෙන බව විමර්ශනවලදී හෙළිවී තිබේ.

අක්කර 15ක පමණ භූමියක පිහිටා ඇති එම පුහුණු කඳවුර පවත්වාගෙන ගිය එම ඉඩමේ මාවනැල්ලේ හජ්ජියාර්වරයකුට අයත් එකක් වන අතර එය ගොවිපළක් ලෙස පවත්වාගෙන ගොස් ඇත.

එහි හිමිකරුගේ පුතා සිද්ක්ගේ මිතුරෙක් වන අතර ඒ ඔස්සේ සාදික් ඉතා රහසිගතව එම ගොවිපල තුළ සිය පුහුණ කදවුර පවත්වාගෙන ගොස් ඇත්තේ සහරාන්ගේ උපදෙස්මත බව අපරාධ පරි්කෂණ දෙපාර්තමේන්තුව විසින් හෙළිකරගෙන ඇත

මාවනැල්ලේ පදිංචි තරුණයන් පස්දෙනෙකු එම පුහුණ කඳවුරට රැගෙන ගොස් ගිනි අවි භාවිතය සම්බන්ධයෙන් පුහුණවක් ලබාදී ඇති බවද අනාවරණය වී තිබේ.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් කළ වැටලීමකදී එම අවි පුහුණුව ලැබූ තරුණයන් පස්දෙනාද අත්අඩංගුවට ගෙන තිබෙන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

එහෙත් වසරක් තිස්සේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටි ත්‍රස්තවාදී සැකකරුවන් මූතුර්හිදී තමා පුහුණුව ලැබූ බවක් හෙළිකර තිබුණේ නැත.

ඒ අනුව පෙනී යන්නේ අත්අඩංගුවේ සිටින සැකකරුවන් තවදුරටත් තොරතුරු සගවා ගෙන සිටින බව යැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් අප සමග පැවසුවේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස