පාඨලීගේ රිය අනතුර යටගැසූ පොලිස් නිලධාරීන්ට ක්ෂණික උසස්වීම්! CIDය කඩිනම් විමර්ශන අරඹයි!

December 25, 2019 at 11:45 pm | by emanisa.lk

හිටපු ඇමති පාඨලී චම්පක රණවකට චෝදනා එල්ල වන 2016 වැලිකඩ රිය අනතුරට අදාළ විමර්ශන වාර්තා වෙනස් කළ බව කියන පොලිස් නිලධාරීන් පිරිසකට එකල හිටි හැටියේම උසස්වීම් ලැබුණු ආකාරය පිළිබඳව කොළඹ අපරාධ කොට්ඨාසය පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ.

මෙම අනතුර සිදුවූ කාල සීමාවේ නුගේගොඩ කොට්ඨාසයේ රාජකාරි කළ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියකුගෙන් සහ වැලිකඩ පොලිසියේ හිටපු ස්ථානාධිපතිවරයකුගෙන් අපරාධ කොට්ඨාසය මේ වන විට ප‍්‍රශ්න කර තිබේ.

එවක කොළඹ දිසාව භාරව සිටි නියෝජ්‍ය පොලිස්පති පූජිත් ජයසුන්දර අනතුරුව පොලිස්පති ධුරයට පත්වූ අතර එම ඉහළ නිලධාරීන් පත්කිරීම් නිර්දේශ කළ ව්‍යවස්ථාදායක සභාවේ පාඨලී චම්පක සාමාජිකයකු විය.

මෙම අනතුර සම්බන්ධයෙන් විමර්ශන සිදුකළ පහළම නිලධාරියාගේ සිට උසස්ම නිලධාරියා දක්වා සියලු නිලධාරීන් පිළිබඳ මෙන්ම එම නිලධාරීන්ට උසස්වීම් ලැබුණු ආකාරය පිළිබඳව ද මේ වන විට විමර්ශනය ආරම්භ කර ඇති බව වාර්තා වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස