සංදීප් පැයට කිලෝ මීටර් 175ක වේගෙන් ඇවිත්! දඬුවම් කරන්න ඕන පාඨලීට නෙමේ සංදීප්ටයි! පාඨලී හිරේ දැම්මා කියලා ජනතාවගේ බඩ පිරෙන්නේ නෑ! – ෆොන්සේකා

December 22, 2019 at 9:44 am | by emanisa.lk

පැයට කිලෝ මීටර් 175ක අධිවේගයෙන් පැමිණි යතුරුපැදිකරු හිටපු පාඨලී චම්පක රණවකගේ රථයේ පිටුපස ගැටී ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා පවසයි.

මෙහිදී එම තරුණයාගේ නොසැලකිල්ල නිසා විශාල වරදක් සිදුව ඇතැයි ද මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.

මෙවැනි සුළු කාරණයක් පදනම් කරගෙන දේශපාලන විරුද්ධවාදීන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කළා යැයි කියා ජනතාවගේ බඩගින්න නිවෙනවා දැයි හෙතෙම ප්‍රශ්න කළේය.

ඊයේ (21) පාඨලී චම්පකගේ සුවදුක් විමසීමට මැගසින් බන්ධනාගාරය වෙත පැමිණි අවස්ථාවේ ඔහු මේ බව සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස