නිවාස සංවර්ධනේට උස මිටි සේවකයන් දහස් ගණනක් පුරවලා! 95%කට වඩා හම්බන්තොටින්! සජිත් ජනාධිපති කොමිස හමුවට!

August 30, 2019 at 8:23 pm | by emanisa.lk

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සිදුවී ඇති දූෂණ හා අක්‍රමිකතා සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික ඇමැති සජිත් ප්‍රේමදාස ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවට කැඳවීමට නියමිතය.

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සහ ඊට අයත් දිස්ත්‍රික් කාර්යාලවල අනුමත සේවක සංඛ්‍යාව දෙදහස් එකසිය හැට හතර දෙකක් වුවද මේ වන විට එහි සේවක සංඛ්‍යාව හාරදහස් පන්සියය ඉක්මවා ඇතැයිද අනුමත සේවක සංඛ්‍යාවට වඩා වැඩි සේවකයන් අතරින් සියයට අනූපහක්ම හම්බන්තොට පදිංචිකරුවන් බවද ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව හමුවේ මේ වන විට අනාවරණය වී ඇත.

කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ කිසිදු අනුමැතියකින් තොරව මෙම සේවකයන් බඳවාගෙන ඇති බවත් කැබිනට් මණ්ඩල අනුමැතියකින් තොරව බඳවා ගත් වයස අවුරුදු හැටට වැඩි තිස්එක් දෙනෙක් ඒ අතර වන බවත් කොමිෂන් සභාව ඉදිරියේ හෙළි කර ඇත්තේ නිවාස සංවර්ධන අධිකාරියේ හිටපු පරිපාලන නිලධාරියෙකි. ඇයගේ සාක්ෂිදීමට අනුව නිවාස අධිකාරියේ හම්බන්තොට දිස්ත්‍රික් කාර්යාලයේ අනුමත සේවක සංඛ්‍යාව ඉක්මවා එක්දහස් තුන්සිය විසිනව දෙනෙක් සේවය කරන බවද හෙළි වී තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස