රනිල් සජිත් පිලට එරෙහිව විනය පරික්ෂණ අවි ඔසවද්දී ජනපතිගෙන් රනිල් පිලට බැඳුම්කර බර අවි ප්‍රහාරයක්!

August 29, 2019 at 9:15 am | by emanisa.lk

බැඳුම්කර චෝදනා සම්බන්ධ පරීක්ෂණ කඩිනම් කරන්නැයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන අදාළ අංශවලට උපදෙස් දී
ඇත.

ඊයේ (28) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී බැඳුම්කර වංචාව පිළිබඳ විමර්ශන සභාවේ සාමාජිකයින් ඇතුළු නිලධාරීන් පිරිසක් හමුවේ ජනාධිපතිවරයා මෙම උපදෙස් දී ඇත. වහාම පරීක්ෂණ පවත්වා වැරදිකරුවන්ට දඬුවම් ලබා දීමේ අවශ්‍යතාව ද එහිදී අවධාණරය කර තිබේ.

පරීක්ෂණ පමාවීම යුක්තිය ඉටුවීමට බාධාවක් බව ජනාධිපතිවරයා මෙම හමුවේදී සඳහන් කර ඇති අතර පරීක්ෂණ කඩිනම් කිරීම වෙනුවෙන් තමන්ගෙන් ලැබිය යුතු සෑම සහායක්ම ලබාදෙන බවට ජනාධිපතිතුමා මෙහිදී සහතික වූ බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි.

මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග, මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි යන මහත්වරුන් සහ නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරින් ඇතුළු අදාළ නිලධාරින් ද, වැඩබලන පොලිස්පති සී.ඩී වික‍්‍රමරත්න මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරිහු මිට එක්ව සිටියහ.

එජාප නායකයා විවේචනය කිරීම පක්ෂ විනය කඩකිරීම ඇතුළු චෝදනා යටතේ එජාප නායකයා රනිල් පාර්ශවය වෙත විනය පරීක්ෂණ ක්‍රියාත්මක කිරීමට සූදානම් වන පසුබිමක බැඳුම්කර වංචා විමර්ශන ඉක්මන් කිරීමට ජනාධිපතිවරයා කටයුතු කිරීම විශේෂත්වයකි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස