දෙමළ ජාතික සන්ධානය ගුරුකන්දට ගිනි තබයි! අන්තවාදී ඡන්ද මල්ල ආණ්ඩුව නිහඬ කරවයි!

October 14, 2019 at 1:32 pm | by emanisa.lk

ගුරුකන්ද රජමහා විහාරය බලහත්කාරයෙන් අත්පත් කර ගැනීමේ මෙහෙයුමක් දියත් කර ඇති දෙමළ ජාතික සන්ධානය එහි වැඩවසන භික්ෂූන් වහන්සේලා පන්නා දැමීම සඳහා විවිධ අකටයුතු කරමින් සිටින බව වාර්තා වෙයි.

ඊයේ දිනයේ එහි පැමිණි දෙමළ ජාතික සන්ධාන හිටපු පළාත් සභා මන්ත්‍රී රවිහරන් ඇතුළු පිරිසක් ශාන්ති කර්මයක් පවත්වන මුවාවෙන් විහාරස්ථානය දුමින් වැසී යන ආකාරයට කසළ ගොඩවල් ගිනි තැබීමට සහ මහා ඝෝෂාවක් නැඟීමට කටයුතු කර තිබේ. මෙය ශාන්ති කර්මයක් බව ඇඟවීමට පුහුල් ද කපා තිබේ.

ඔවුන්ගේ මෙම කටයුතුවල එකම අරමුණ දැනට විහාරස්ථානයේ සිටි භික්ෂූන් වහන්සේලා දෙනම සහ භාරකරු එම ස්ථානයෙන් ඉවත් කිරීමය. ගුරුකන්ද රජමහා විහාරයේ නායක හිමියන් ආදාහනය කළ ස්ථානය මතින් බෙර ගසමින් පෙරහැරක් ද ගමන් කර තිබේ.

ආණ්ඩුව නිසි ආකාරයට ගුරුකන්ද රජමහ විහාරය පුරාවිද්‍යා ස්ථානයක් ලෙස නම් කිරීමට කටයුතු නොකිරීම නිසා ඔවුන්ට මේ ආකාරයට හැසිරීමට හැකි වී තිබේ. ආණ්ඩුව ගුරුකන්ද රජමහා විහාරය පුරාවිද්‍යා ස්ථානයක් ලෙස නම් නොකරන්නේ දෙමළ ජාතික සන්ධානයේ බලපෑම් නිසාය.

අන්තවාදීන්ගේ ඡන්ද මල්ලට ලොබ කරමින් ජාතික උරුමයන් වනසන්නට ඉඩදීම බොහෝ දෙනාගේ කනස්සල්ලට හේතු වී තිබේ. සජිත් ප්‍රේමදාස ඇමතිවරයා යටතේ පවතින පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට අදාළ කටයුතු ඉක්මනින් සිදුකරන ලෙස විවිධ පාර්ශව ඉල්ලීම් කළ ද ඒ සඳහා මෙතෙක් කිසිදු යහපත් ප්‍රතිචාරයක් ලැබී නොමැත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස