දෙමළ අන්තවාදයට මුලතිව් පොලිසිය ඉනිමං බඳියි! ගුරුකන්ද විහාරයේ CCTV කැමරා පොලිසිය පැමිණ ගලවයි!

October 16, 2019 at 6:31 pm | by emanisa.lk

මුලතිව්, නයාරු ගුරුකන්ද රජමහා විහාරස්ථා‍නයේ ආරක්ෂාව වෙනුවෙන් විහාරාධිපති පුජ්‍ය මිහිදුපුර රතනදේවකිත්ති නාහිමියන්ගේ අනුශාසනා පරිදි විහාරයේ ආවාස ගෙය ඇතුළු විහාර සීමාවේ සිසිටිවි කැමරා ඊයේ (15) සවිකිරීමේදී මුලතිව් පොලිස් නිළධාරීන් පැමිණ එලෙස කැමරා සවි කළ නොහැකි බවට පවසා කැමරා ගලවා දමන ලෙසට නියෝග කළ බව විහාරස්ථානයේ තාවකාලික භාරකරු පවසයි.

විහාරයේ තාවකාලික භාරකරු කැළුම් බංඩාර වැඩි දුරටත් මෙසේ පැවසීය.

“ලොකු හාමුදුරුවෝ කියලා ගියා විහාරයේ සිසිටිවි කැමරා හයි කරන්න ‍වැලිඔය ප්‍රදේශයේ ඉදලා දෙන්නෙක් එයි කියලා ඒ අයට උදව් කරන්න කියලා.

ලොකු හාමුදුරුවෝ පිරිවෙ‍නේ වැඩකට වැඩම කරලා ඉන්න හින්දා මම තමයි විහාර‍ය තාවකාලිකව බලා ගන්නේ. අපි කැමරා හයි කරමින් ඉන්නකොට මුලතිව් පොලිසියේ කට්ටියක් ආවා.ඇවිල්ලා කිව්වා පන්සලේ සිසිටිවි කැමරා හයි කරන්න බෑ කියලා. වහාම හයි කරපුවා ගලවන්න කියලා මට කිව්වා ඔයා පන්සල බලාගන්නවා නම් ඇවිල්ලා බලලා විතරක් යන්න කියලා.

දැන් විහාරයේ හයි කරපු කැමරා ටික ගලවලා තිබෙන්නේ. දෙමළ ජාතික සන්ධාන‍ය ඇතුළු පිරිසක් අපේ පන්සලේ කෝවිලක් තිබෙනවා කියලා විවිධ බලපෑම් කරනවා. ඒක හින්දා තමයි ලොකු හාමුදුරුවෝ පන්සලේ සිසිටිවි කැමරා හයි කරන්න කියලා කිව්වේ. ඒත් දැන් ඒකට පොලිසියත් බාධා කරනවා.

සිද්ධිය සම්බන්ධයෙන් විහාරස්ථ දායක සභාව පැවසුවේ විහාරයේ සිසිටිවි කැමරා හයි කරලා විහාරයේ ආරක්ෂාව වෙනුවෙන් කටයුතු කරන කොට පොලිසිය මැදිහත්වෙලා ඒකට බලපෑම් කිරීම කණගාටුවට කරුණක්.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස