තෙල් ආනයන ටෙන්ඩර් පහට ම ගැනුම්කරුවෝ නෑ…! තෙල් පිරිපහදුව විදුලි බලාගාර වහන්න වෙනවා…! දෙසැම්බර් දවසට පැය 12ක් විදුලිය කැපීම ස්ථිරයි…!

October 19, 2021 at 8:34 am | by emanisa.lk

රට දැන් පාලනයක් නොමැති අරාජික තත්ත්වයට පත්ව තිබෙන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පවසයි.

මාධ්‍ය හමුවකට එක්වෙමින් හෙතෙම සඳහන් කළේ මීට වර්තමාන ආණ්ඩුව සම්පූර්ණයෙන්ම වගකිව යුතු බවය.
ඒ අනුව දැනට රටේ සියලු ම අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බව ද ඔහු පෙන්වා දෙයි.

“මේකට විද්‍යාත්මක කරුණු දෙකක් මුල් වෙලා තියෙනවා. ඒ කරුණු දෙකටම සම්පූර්ණයෙන් වග කියන්න ඕනේ වර්තමාන ආණ්ඩුව. පළවෙනි කාරණය තමයි, පසුගිය මැයි හය වෙනිදා ආණ්ඩුව, ශ්‍රී ලංකාවට ගෙන්වන සියලු ම රසායනික පොහොර, ඒ වගේම පළිබෝධනාශක, වල්නාශක වැනි දෑ සපුරා තහනම් තහනම් කරලා කාබනික පොහොර යොදන්න කිව්වා. කාබනික ක්‍රම අනුගමනය කරන්න කිව්වා. ඒකාබද්ධ පළිබෝධ නාශක ක්‍රම අනුගමනය කරන්න කිව්වා. මේක නිසා සමහර ක්ෂේත්‍ර සම්පූර්ණයෙන්ම අකර්මණ්‍ය වුණා. උදාහරණයක් හැටියට මල් වගාකරුවෝ සම්පූර්ණයෙන්ම අතරමං වුණා. ඊළඟට එළවළු වගාකරුවෝ. ඒවායේ එළවළු බීජ නැතිකම නිසා. ඊළඟට පළිබෝධ වලට උත්තර නැති නිසා. ඒ වගේම වගාවට උත්තර නැති නිසා. එළවළු වගාවට බලපෑම් ඇති වුණා. අස්වැන්න අඩු වුණා. ඊළඟට අතිශය බරපතළ ප්‍රශ්නයක් පැන නැගුණා. මේ අපේ නාමයට. අපේ ඒක අපි බොහොම පැහැදිලිව කිව්වා. එතකොට තේ වගාවේ අස්වැන්න 40%කින් පමණ අඩු වෙලා. ඒ වගේම තේවල ගුණාත්මකභාවය පිරිහිලා ඩොලර් පහට කිලෝවක තිබිච්ච තේ කිලෝව ඩොලරයට වැටුණා. ඒකම කුරුඳුවලටත් වුණා. ඒ වගේ ම රබර් පොල්වලටත් වෙමින් තියෙනවා. ඒ කියන්නේ අපේ අපේ අපනයන බෝග වලින් අපට වර්ෂයකට ලැබෙන ඩොලර් මිලියන එක්දහස් තුන්සීයක පමණ ආදායම සම්පූර්ණයෙන්ම ආණ්ඩුව නැති කර ගත්තා.

දෙවැනි කාරණය ලෙස රණවක මහතා පෙන්වා දුන්නේ වර්තමාන ආණ්ඩුව විසින් මුදල් මුද්‍රණය කිරීම මේ මිල ඉහළ යාම් සඳහා හේතු වූ බවය.

2019 යහපාලන ආණ්ඩු සමයේ මුළු වසර සඳහාම මුදල් මුද්‍රණය කොට ඇත්තේ රු. බි. 29 කි. නමුත් වත්මන් ආණ්ඩුව පසුගිය වසර දෙක තුළ පමණක් රු. බි. 1300 කට අධික ප්‍රමාණයක් මුදල් මුද්‍රණය කොට තිබේ. “සල්ලි අච්චු ගැසීම” හේතුවෙන් අනිවාර්‍යයෙන් භාණ්ඩ මිල ඉහළ යන බව පැහැදිලිය. ඊළඟ මාස දෙක තුළ මේ තත්ත්වය වඩාත් උග්‍ර වන බව ද හෙතෙම පෙන්වා දුන්නේය.

“මොකද මහ කන්නය තමයි ප්‍රධාන කන්නය. අපේ අස්වැන්නෙන් 2/3ක් එන කන්නය. ඒ කන්නය අසාර්ථක වුණොත් එහෙම, සම්පූර්ණ සහල් පාලනය කරගැනීමට බැරි තත්වයක් එනවා. අද තියෙන ඩොලර් හිඟයක් එක්ක, පිටරටින් හාල් ගෙන්නන්න අපට සල්ලි තියෙනවද? කියන ප්‍රශ්නයත් පැන නගිනවා. ඉදිරි කාලයේදී බරපතළ විදිහට සහල් විතරක් නෙවෙයි බඩඉරිඟු. බඩඉරිඟු වගාව වැටෙනවා කියන්නේ කුකුල් මස් බිත්තර. මේවට මේක බලපානවා කියන එක. මේ හැම ක්ෂේත්‍රයක්ම කඩා වැටෙනවා. ඇත්තටම මෙවැනි වසංගතයක් හමුවේ අත්‍යාවශ්‍යයෙන්ම රැකගත යුතු ආහාර සුරක්ෂිතභාවය ආණ්ඩුවේ මේ මෝඩ තීරණ දෙක නිසා කඩා වැටිලා තියෙනවා.”

ගොවි ජනතාව ප්‍රකෝප වී තිබේ. තම වගාවන් කරගැනීමට නොහැකි වීම හේතුවෙන් තවත් මාස තුනක කාලයක් ගත වන විට මෙය අතිශය අර්බුදකාරී තත්ත්වයකට පත්වනු ඇත. ඊළඟ මාස කිහිපයේ දී කොත්තමල්ලි, පරිප්පු වැනි ද්‍රව්‍ය පවා ලංකාවට අහිමි වනු ඇතැයි ද රණවක මහතා සඳහන් කළේය.

“අත්‍යාවශ්‍ය භාණ්ඩවල පාලන මිල ඉවත් කිරීම තුළ පාරිභෝගිකයාට මොන බලපෑමක් ඇති වෙයිද? ඇත්ත වශයෙන්ම පාලන මිලවල් ඇති කරනවා නම්, ආණ්ඩුවට වැඩපිළිවෙළක් තියෙන්න ඕනේ ඒ පාලන මිලට සපයන්න. වෙළඳ මාෆියාවලට දොස් කිය කිය ඉඳලා වැඩක් නෑ. ඒවා සැපයීම සඳහා වැඩපිළිවෙළක්, ක්‍රියාමාර්ගයක් රජයට තියෙන්න ඕන. දැන් අද සිද්ධ වෙලා තියෙන්නේ මොකක්ද? ආණ්ඩුවේ ආයතන. සතොසේ හිටපු නිලධාරියෙක්ම එළියට ඇවිල්ලා කියනවා, සතොස කොහොමද කලු කඩයක් වෙලා තියෙන්නේ, සතොස කොහොමද? මාෆියාවක් වෙලා තියෙන්නේ කියලා. ඒ වගේම, වෙනත් කණ්ඩායම් කියලා හඳුන්වනවා. සහල් මාෆියාව කියනවා. වෙනත් මාෆියා කියනවා. හැබැයි ඒවා මෙල්ල කරගන්න ආණ්ඩුවට ක්‍රමයක් නෑ. සීනි මාෆියාව මෙල්ල කරගන්න විදිහක් නෑ. හාල් මාෆියාව මෙල්ල කරගන්න විදිහක් නෑ. ඉතින් මේ තුළින් ඇත්තටම අද රටේ පාලනයක් නැති තත්වෙකට අරාජික තත්වෙකට රට පත්වෙලා.”

අද රජයත් ගොවි ජනතාවත් අතර ඒ විශ්වාසය බිඳ වැටී තිබේ. දශක ගණනාවක පරිශ්‍රමයක් ලෙස 2010 දී සහලින් ස්වයංපෝෂිත බවක් ඇති කරගත්ත ද, අවුරුදු 150 ක උත්සාහයෙන් ‘සිලෝන් සිනමන්’ නාමය ඇති කරගත්ත ද අද කතා කරන්නේ වන්දි ගෙවීමක් ගැනය. “වන්දි ගෙවන්න කතා කිරීම පට්ටපල් විහිළුවක්. මොකද ඒ වෙනකොට වන්දි ගන්න ගොවියෙක් හෝ වැවිලිකරුවෙක් ඉදිරි මාස පහේදී ඉතුරු වෙන්නේ නෑ මේ රටේ. මේ රට එකම අවුල් ජාලයක් වෙලා, සමාජ පිපිරීමකට ගමන් කිරීම තමයි, සිදුවෙමින් තියෙන්නේ. දැන්, හැම අවස්ථාවකම අපිට දකින්න ලැබෙනවා, භාණ්ඩ හා සේවාවල හිඟයක් දක්නට ලැබෙන්නේ. හිඟය පෙන්නලා ටික දවසක් ගියාම, මිල වැඩි කරලා බඩු සියල්ල එනවා. දැන් පෙට්‍රල් මිල, නුදුරේම ඉහළ යාමට සූදානමක් තියෙනවා.”

මෙහිදී මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දුන් පාඨලී චම්පික රණවක අමාත්‍යවරයා:

ප්‍රශ්නය:

ඇත්තටම ඔබතුමාලා ගෙනාපු මිල සූත්‍රයයි වර්තමානයේ ඇතිවෙලා තියෙන තත්ත්වයයි කොහොමද දකින්නේ ඔබතුමා?

පිළිතුර:

මම එදා ඛනිජ තෙල් ඇමති හැටියට 2015 අපි පෙට්‍රල්, ඩීසල්, භූමිතෙල් මත රාජපක්ෂලා පනවලා තිබිච්ච, දැවැන්ත බදු අයින් කරලා, සහනය ලබා දුන්නා. ඒ විතරක් නෙවෙයි, ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඩොලර් හිඟයකට ලක් කළේ නෑ. මූල්‍යමය වශයෙන් ශක්තිමත් කළා. ලංකා විදුලිබල මණ්ඩලයේ, විදුලි බිල අඩු කරලා, අර ඉන්ධන ගැලපුම් ගාස්තු අයින් කරලා, ලංකා විදුලිබල මණ්ඩලය ලාභ කරලා පෙන්නුවා. ඉතින් දැන් තියෙන්නේ කළමනාකරණයේ පරිපාලනයේ ප්‍රශ්නයක්. ඇත්ත. ගල් අඟුරු මිල ඉහළ ගිහින් තියෙනවා. ඛනිජ තෙල් මිල ඉහළ යමින් තියෙනවා. හැබැයි තාමත් මම කියනවා ඛනිජ තෙල් ගත්තොත් තාමත් ඔය විකුණන මිලට වඩා අඩුවෙන් තමයි කොළඹ වරායට එන්නේ. ඒක ඕන කෙනෙකුට ගණන් හදාගන්න පුළුවන්. අද ඩොලර්වලින් තෙල් බැරලයක මිල අරගෙන ඒක රුපියල් 203 න් වැඩි කලහම රුපියල්වලින් එනවා. ඒක 159 න් බෙදුවහම ලීටර්වලින් එනවා උත්තරේ.”

ලංකා ඉතිහාසයේ 1977 රටට විවෘත ආර්ථික ප්‍රතිපත්තිය හඳුන්වාදීමෙන් පසු ශ්‍රී ලංකා මහ බැංකුවේ ශුද්ධ විදේශ වත්කම් ප්‍රමාණය සෘණ වූ ඉතිහාසයේ පළවෙනි අවස්ථාව දැන් එළඹී තිබේ. ඒ වගේම රටේ සියලුම බැංකු පද්ධතිය, ලංකා බැංකුව, මහජන බැංකුව හා වාණිජ බැංකු පද්ධතිය අරගත්තම ශුද්ධ විදේශ වත්කම් ප්‍රමාණය ඩොලර් බිලියන -3.5 කි.

“ඒ නිසා අද ඩොලර් නෑ. ඩොලර් නැති විතරක් නෙවෙයි ලංකාවේ බැංකු විසින් නිකුත් කරන ණයවර ලිපි ගැන විශ්වාසය සම්පුර්ණයෙන්ම බිඳ වැටිලා. ඒ නිසා පසුගිය මාස කීපය තුල බොරතෙල් ලංකාවට ගෙන්නන්න නිකුත් කරපු ටෙන්ඩර් පහටම එකම සැපයුම්කරුවෙක්වත් ඉදිරිපත් වෙලා නෑ. බොරතෙල් සපයා මේ දෙසැම්බර් මාසේ වෙනකොට අපේ පිරිපහදුව වහලා දාන්න වෙනවා. පිරිපහදුව වැහුවොත් මතක තියාගන්න ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි බලාගාර ගණනාවක් තෙල් පිරිපහදුවේ ඒ පෙට්‍රල් ඩීසල් හැදුවට පස්සේ ඉතුරු වෙන වෙනත් තෙල් වර්ගවලින් හා තවත් බැර තෙල්වලින් දුවනවා. එතකොට ඒ බලාගාර ටික වැහෙනවා. ඒක තමයි ඇත්ත.”

රටේ විදුලිය සැපයුමෙන් 45% ක් පමණ සපයන්නේ පුත්තලම ගල් අඟුරු බලාගාරය විසිනි.

“එතකොට ඒ ගල් අඟුරු ටෙන්ඩර් එකට කිසිම සැපයුම්කරුවෙක් ඇවිල්ල නෑ. ඇයි? විදේශීය බැංකු ලංකාවේ බැංකුවල ණයවර ලිපි එහෙම නැත්නම් භාරගන්නේ නෑ. එල්සී අරින්න බෑ.”

අනාගතයේ අනිවාර්යෙන්ම ලෝක වෙළඳපොලේ මිල ගණන්වලට අනුව නෙමෙයි. අනාගතය අනිවාර්යයෙන්ම රටේ විදුලි කප්පාදුවක් හා බොරතෙල් හිඟයක් එනවා. ආණ්ඩුව මේ යථාර්තය තේරුම් අරගෙන වහ වහා කඩිනම්ව පියවර ගත යුතුයි. වගාඩම්බර පොර කතා කියන්නේ නැතුව. කියනවා මේ හදනවා කියලා පිරිපහදුවක් ලෝකයේ තියෙන විශාලතම පිරිපහදුවක්, ලංකාවේ ලොකුම එක හදනවා කියලා කියනවා. හරි. ඔය පිරිපහදු කතා අපි දන්නවා. 2010-15 අතරෙත්, ඉරාන ජනාධිපතිතුමා ලංකාවට ඇවිල්ලා පිරිපහදුවකට මුල්ගල තිබ්බා. සපුගස්කන්දේ. ඒ ඒ මුල්ගල තාම පැලවෙනවා. එහෙම තියාගෙන තමයි මේ අලුත් -පිරිපහදුවක් හදනවා කියලා කියන්නේ. පිරිපහදුව හදන්න කලින්, පිරිපහදුවට මේ තියෙන පිරිපහදුවට බොරතෙල් ටික ගෙන්න ගන්න බැරුව තව අවුරුදු පහකින් එන පිරිපහදුවක් ගැන කතා කරනවා. රටේ බලාගාරවලට අවශ්‍ය කරන ඒ ඉන්ධන ටික සපයා ගන්න බැරුව මන්නාරමේ තෙල් ගවේෂණය ගැන කතා කරනවා. මන්නාරමේ තෙල් ගවේෂණය 1961 දිත් ඉලංගරත්න මහත්තයා කිව්වා ලංකාවේ තෙල් හම්බෙනවා කියලා. 77 දිත් කිව්වා පේසාලෙන් තෙල් හම්බෙනවා කියලා. ලංකාවේ ගෑස් සම්පත තියෙනවා. හැබැයි ඔය කියන ඔය මායාකාරී ඔය මේ කතාවක් නෑ. ඉතාම පොඩි ගෑස් සම්පතක් දැනට හම්බෙලා තියෙනවා. ඒක හම්බුනෙත් මීට අවුරුදු දහයකට කලින්. 2011. එතකොට ඒක මේ රටේ ප්‍රයෝජනයට ගන්න පුළුවන් එකක්.”

“ලංකා විදුලිබල මණ්ඩලය අද ඇමරිකානු සමාගමට විකුණලා තියෙනවා. මේ ආණ්ඩුව සම්පූර්ණයෙන්ම ගෑස් සැපයුම කරන්න. එතකොට මන්නාරමේ ගෑස් තියෙනවා. ඒක හාරනවා කියලා ඛනිජ තෙල් ඇමති කියනවා. හැබැයි ලංකාවට ගෑස් සැපයීම අප්‍රිකාවෙ සමාගමකට බදු දීලා තියෙනවා. ඉතින් මේ වගේ විකාර කතා තමයි අපිට හැමතැනින්ම ඇහෙන්නේ. ඇත්ත කතාව තමයි අර මං කිව්වා වගේ දෙසැම්බරය වෙනකොට බොරතෙල් ගෙනාවේ නැත්නම් පිරිපහදුව වැහෙනවා. ඒ එක්කම ලංකා විදුලිබල මණ්ඩලයේ මෙගාවොට් 200 කට ආසන්න බලාගාර ටිකක් වැහිලා යනවා. ගල් අඟුරු ගෙනාවේ නැත්නම්, ලබන දෙසැම්බරයෙන් පස්සේ මේ රටේ විදුලි සැපයුමෙන් 45% ක් යනවා. අඩුම ගානේ පැය 12 ක විදුලි කප්පාදුවක් රටේ සිද්ධ වෙන්න නියමිතයි. මේ අභියෝගය දනගෙන ක්‍රියා කිරීම අතිශය අවශ්‍යයයි.”

ප්‍රශ්නය:

මේ වගේ වෙලාවක විපක්ෂයේ කාර්යභාරය මොකක්ද?

“කළමනාකරණය තෙල් සංස්ථාව හා විදුලිබල මණ්ඩලයේ කළමනාකරණය ගැන ඉගෙන ගන්න ඕන්නම් අපි 2015 පළවෙනි මාස දහය ඒ ආයතන දෙක කොහොමද කළේ කියලා ගිහිල්ලා ඉගෙන ගන්න. චෝදනාවක් එල්ල වුණා විපක්ෂයේ කාර්යභාරය නිසි පරිදි සිද්ධ වෙන්නේ නෑ මේ වගේ අවස්ථාවක. විපක්ෂය තුළ බෙදීම් සහ ගැටුම් සහගත තත්ත්වයන් නිසා ඔවුන්ගේ බලය ලබා ගන්න කටයුතු කිරීමක් පමණයි සිදුවන්නේ කියන කාරණය. විපක්ෂයද බෙදුම් තියෙන්නේ ආණ්ඩුවේද කියලා දැන් කාටත් පේනවා. ගොවියට පෝර ඉල්ලලා කට්ටියක් ආණ්ඩුවේ ඉඳන් සටන් කරනවා. එක්සත් ජනපදය එක්ක ගහපු ගිවිසුම එළි කරන්න කියලා තව කට්ටියක් සටන් කරනවා. ගුරුවරුන්ගේ ප්‍රශ්න විසඳන්න කියලා තවත් කට්ටියක් සටන් කරනවා. විපක්ෂයේ නෙමෙයි ප්‍රශ්න තියෙන්නේ ආණ්ඩුව ඇතුළේ. මුලින් ආණ්ඩුව තමන්ගේ සමගිය ආරක්ෂා කරගෙන ඉන්න ඕන. අඩුගානේ තමන්ගේ පක්ෂවල නායකයින්ට ආණ්ඩුවෙන් මොනවද වෙන්නේ කියලාවත් දන්නේ නෑ. කැබිනට් එකේ ඇමතිතුමාලා කියනවා පත්‍රිකා පෙන්නනවා. පාස් කරනවා අපි දන්නෑ මොනවද වෙන්නේ කියලා. විපක්ෂ නෙමෙයි ප්‍රශ්නෙ තියෙන්නේ. ආණ්ඩුවේ තියෙන්නේ.”

ප්‍රශ්නය:

මේක මේ අපේ රටේ විතරක් ප්‍රශ්නයක් නෙමෙයි. මේ වසංගතයත් එක්ක මේ සෑම රටකම තියෙන ප්‍රශ්නයක් කියලා තමයි රජය ප්‍රකාශ කරන්නේ. මේ සම්බන්ධයෙන් මොකක්ද ඔබතුමාගේ මතය?

“පළවෙනි කාරණය අපිට කියන්න. ලෝකේ තව රටවල් කීයක සංචාරක ව්‍යාපාරයෙන් යැපිච්ච රටවල් තියෙනවා. මාලදිවයින, තායිලන්තය වගේ ඒවා. ඒවායේ කොහෙවත් තෙල් ගෙන්න ගන්න බැරුව ගල් අඟුරු ගෙන්න ගන්න බැරුව වෙනත් ද්‍රව්‍ය ගෙන්න ගන්න බැරුව, ඖෂධ ටික ගෙන්න ගන්න බැරුව එහෙම ඩොලර් හිඟයකට ලක්වෙලා කඩා වැටිලා තියෙන එක රටක් හරි නම් කරන්න. ඊළඟට රටේ තරුණ, තරුණියෝ, රටෙන් පිටවෙන්න ඉංග්‍රීසි නිපුණතා විභාග ලියන්න ලක්ෂ ගණන් පෙළ ගැහිලා ඉන්න රටවල් පෙන්නන්න. කන්තෝරුව ඉස්සරහ, දස දහස් ගණන්, පෙරහැරවල් තියෙන ඒවා පෙන්නන්න. කිරිපිටි ගන්න රටවල් කීයක පෝලිමේ ඉන්නවද කියලා අපිට පෙන්නන්න. ඒ වගේම ගෑස් ටික ගන්න රටවල් කීයක පෝලිමේ ඉන්නවාද කියලා පෙන්නන්න. ඖෂධ නැතුව ලෙඩ්ඩු දුක් විඳ විඳ මිය යනවා. රටවල් කීයක ඒවා වෙනවද කියලා පෙන්නන්න. ලෝකේ තව එක රටයි මේ එක කාලේ. මේ වගේ අර්බුදයකට ගිය ලෙබනනයයි ලංකාවයි විතරයි. වෙන කිසි රටක මේ ප්‍රශ්න ඇවිල්ලා නෑ.”

ප්‍රශ්නය:

දැන් මේ වන විට ගුරු ගැටලුව ඉතාමත් සීඝ්‍රයෙන් වැඩිවෙලා තියෙනවා. දැන් මේ ගුරුවරු වැඩි වශයෙන්ම ප්‍රකාශ කරන්නේ රාජ්‍ය සේවය. ඔවුන් කියනවා දැන් බහුතරයක් වර්තමානයට බලය ලබා දුන්න ඇති වැඩක් නැහැ කියන කාරණාව. ඇත්තටම 21 වනද අපිට පුළුවන්ද පාසල් විවෘත කරන්න.

“ගුරුවරුන්ගේ හා විදුහල්පතිවරුන්ගේ වැටුප් ප්‍රශ්නයක් තිබුණා. යහපාලන ආණ්ඩුවෙන් මේ හැමෝටම රුපියල් 10,000 ක් මූලික වැටුපට එකතු කළා. ඊට අමතරව අපි වැටුප් විෂමතාවය පිළිබඳව ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරියෙක්ගේ මූලිකත්වයෙන් වැටුප් විෂමතා කොමිටියක් පත් කරලා ඒක ක්‍රියාත්මක කරන්න අනුමැතිය දුන්නා. මේ ආණ්ඩුව මොකද කළේ? මේ ආණ්ඩුව 2020 ජනවාරි මාසෙ ඉඳන් වැටුප් වර්ධකය නැවැත්තුවා. ඒ වගේම අර වැටුප් විෂමතා සඳහා ගුරුවරුන් ඇතුළු සියලුම රජයේ සේවකයින්ගේ වැටුප් විෂමතාවයේ ලබාදීපු දීමනා ප්‍රමාණයත් 2020 ජනවාරිවල නතර කළා. ඒ විතරක් නෙමෙයි, සෞභාග්‍යයේ දැක්ම මගින් අපි නෙවෙයි පොරොන්දු වුණේ ගුරු වැටුප් විසඳනවා කියලා මහා පරිමාණයෙන්. ඒ වගේම පත්වෙච්ච නව අධ්‍යාපන ඇමතිවරයා ජනාධිපතිවරණයෙන් පස්සේ සුබෝධනී නමැති අතිරේක ලේකම් තුමිය දාලා මේ ප්‍රශ්නෙ විසඳන්න යෝජනාවලියක් ඉදිරිපත් කළා. එතකොට ගුරුවරු ඒ අනුව ජනාධිපතිවරණයේදී මහ මැතිවරණයේදී 70% කට වඩා මේ ආණ්ඩුවට ඡන්දේ දුන්නා. දැන් ඒ පොරොන්දු කඩ කරලා තියෙන්නේ. අඩුම ගානේ යහපාලනය දීපු වැටුප් වර්ධකයවත් 2020 ජනවාරි මාසේ. ඒ වගේම වැටුප් විෂමතාවය ඉවත් කිරීම සඳහා ඉදිරිපත් කරලා තිබිච්ච යෝජනාවේ තිබිච්ච අතිරේක මුදල් ටිකවත් ලබාදෙන් නැතුව ජනවාරි මාසේ ඉඳන් 2020 දැන් ගුරුවරුන්ට කාලකන්නි කියලා ඒ වගේම පොලිස් බලය පාලා ඒ වගේම බුද්ධි අංශ මෙහෙයුම් දාලා මං දැක්කා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කෙනෙක් ලිපියක් ලියලා තියෙනවා මේ බුද්ධි අංශවල සහය ලබාගන්නේ පාසල් අරින්න කියලා. පාසල් වල ත්‍රස්තවාදී ප්‍රශ්නයක් නෑ. මේ ගුරුවරු, විදුහල්පතිවරු කියන්නේ ත්‍රස්තවාදියො නෙමෙයි. බුද්ධි අංශවල සහය පොලිසියේ සහය ගන්නවා. හමුදාව අනුඛණ්ඩවල සහය ගන්නවා. මර්දනයෙන් අපහාසයෙන් අවමානයෙන් මේ ප්‍රශ්නය විසඳන්න බෑ. ගුරුවරුන්ගේ අභිමානය, ගුරුවරුන්ගේ ගෞරවය ලබා දීලා මේ ප්‍රශ්නය විසඳන්න ඔබලා එක වතාවක් නෙවෙයි තුන් වතාවක් 2019 ජනාධිපතිවරණයේදී, 2020 මහ මැතිවරණයේදී හා මේ ගුරුවරුන්ගේ ප්‍රශ්න විසඳනවයි කියලා ඇමති අනුකමිටු පත් කරලා තුන් වතාවක් මේ ගුරුවරුන්ව රවට්ටලා තියෙනවා, විදුහල්පතිතුමාලව රවට්ටලා තියෙනවා. ඒ නිසා කරුණාකරලා අයවැයෙන් අපි මෙන්න මේ දේ ක්‍රියාත්මක කරනවා කියලා ලිඛිතව ලබා දීලා ගුරුවරුන්ගේ ගෞරවය ලබා දීලා පාසල් පටන් ගන්න. මොකද අවුරුදු දෙකක් අපේ දරුවෝ කැලෑ වැදිලා, අතරමං වෙලා ඉන්නේ මේ රටේ පාලකයින්ගේ දරුවෝ නම් ඉන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ. ඒගොල්ලන්ට මේ දරු කැක්කුම නැති වුණාට අපට ඒක තියෙනවා. ඒ නිසා පාසල් පටන් අරන් ක්‍රියාත්මක වෙන්න. හැබැයි හමුදාවයි, පොලිසියයි අභ්‍යාසලාභී ගුරු කට්ටියයි දාලා අර කෘෂිකර්මේ කරන්න ආහාර පාලනය කරන්න හමුදා නිලධාරීන් යොදලා, රටේ විහිළුවකට ලක් වුණා වගේ, රටේ අධ්‍යාපනයත් විහිළුවකට ලක් කරලා, අපේ දරුවෝ තවත් අනාථ කරන්න එපා කියන ආයාචනය තමයි අපිට කරන්න තියෙන්නේ.”

ප්‍රශ්නය:

පොදුජන පෙරමුණෙන් මැදිහත් වෙලා පාසල් සුද්ද පවිත්‍ර කිරීම් කටයුතු ආරම්භ කරනවද?

“ඒක ඇත්තටම පොදුජන පෙරමුණක් නෙවෙයිනේ. පාසල් කියන්නේ මේ රටේ පක්ෂවලට අයිති එකක් නෙවෙයි. මේ රටේ ජනතාවට අයිති එකක්. විදුහල්පතිතුමාලා ඉන්නවා, විදුහල්පතිතුමාලගේ ගුරු දෙගුරු සමිති තියෙනවා. ගුරු දෙගුරු සමිතිවලට දැනුම් දුන්නා නම් මේ පාසල් ටික සුද්ද බුද්ද කරලා ඒවාට අවශ්‍ය සනීපාරක්ෂක කටයුතු කරලා කටයුතු කරන්න. රජයේ වගකීම තමයි පාසල් දේශපාලන බල කඳවුරු කරගෙන දේශපාලන හෙන්චයියන්ට පාසල් භාර දීම නෙමෙයි. පාසල් භාර දෙන්න ඕන නිලධාරී කණ්ඩායමක් ඉන්නවා, අධ්‍යාපන අධ්‍යක්ෂ කෙනෙක් ඉන්නවා. විදුහල්පතිවරයෙක් ඉන්නවා, ගුරු මණ්ඩලයක් ඉන්නවා. සෑම පාසලකම ගුරු දෙගරු සමිතියක් තියෙනවා. කරුණාකරලා ඒවාට භාරදෙන්න. තමන් නොදන්න දේවල් කරන්න ගිහිල්ලා මේ රටේ කෘෂි කර්මාන්තයයි, වැවිලි කර්මාන්තයයි වසංගත පාලනය කරලා රටේ 13,000 ක් මරලා දාලා, ලක්ෂ ගණන් ජනතාව හාමතේ තිබ්බා වගේ අධ්‍යාපනයත් විනාශ කරන්න එපා, මෝඩකම් වලින්, උද්දච්චකම් වලින්.”

ප්‍රශ්නය :

පසුගිය රජයේ ඔබතුමාලට චෝදනාවක් තියෙනවා, රාජ්‍ය දේශීය දේපල, විදේශවලට වික්කයි කියලා.

“දැන් ඒ වෙනුවෙන් කතා කරපු අය අපි දන්නෑ. අපිට දැන් දකින්න ලැබෙන්නේ නෑ. මේ වන විට ඇමරිකාවේ, මං හිතන්නේ එහෙට ආවා. එතකොට ඉන්දියාවේ යුධ හමුදාපති මෙහෙට ආවා. එතකොට ඇමරිකාවේ ලේකම්වරියක් ආවා. දැන් මේ තුන් ගොල්ලොම ඇවිල්ලා ඇත්තටම අපිට ඉදිරියේදී මොකද වෙන්නේ? යහපාලනයට දේපල විකුණනවා ඇමරිකා එක්සත් ජනපදයේ හමුදාවලට විකුණනවා. මේ වගේ කිය කිය අපි දැක්කා සමහර වෘත්තීයවේදීන් සමහර පැවිදි පුද්ගලයෝ මහා විශාල උද්ඝෝෂණයක් ගෙනිච්චා. අද රටේ විදුලිබල ක්ෂේත්‍රය අමු අමුවේ ඇමරිකානු විදුලි මාෆියාවකට පවරලා තියෙනවා. ඒ සමාගම බංකොලොත් සමාගමක්. මේ රටම අනාගතයේ බංකොලොත් වෙන ක්‍රියාදාමයක් තමයි ඒ ඇරඹිලා තියෙන්නේ. එතකොට ඒ ගැන දැන් කවුරුවත් කතා කරන්නේ නෑ. නැගෙනහිර ජැටිය බටහිර ජැටිය වික්කා කොළඹ වරායේ. ඒ විතරක් නෙමෙයි. කොළඹ නගරයේ තියෙන වටිනාම ඉඩම් ටික. ලංකා බැංකුවේ පැරණි මූලස්ථානය, පොලිසියේ මූලස්ථානය, රහස් පොලිස් මූලස්ථානය ඇතුළු වටිනාම කොටුවේ තිබිච්ච දේපළ, කොම්පඤ්ඤ වීදියේ තියෙන ගුවන් හමුදා මූලස්ථානය, මහජන බැංකු මූලස්ථානය, දේශීය ආදායම් මූලස්ථානය. මේවා ඔක්කොම විදේශිකයන්ට පරදේශක්කාරයින්ට විකුණන්න කිසිම ටෙන්ඩර් කැඳවීමකින් තොරව තමයි අර ආයතනය කටයුතු කරන්නේ. මේ රටේ සිදුවෙච්ච දැවැන්තම මහා පරිමාණම පාවාදීම තමයි සිදුවෙමින් තියෙන්නේ. ඉතින් ඒක නිසා මේවා ඉදිරියේ දැන් කතා නොකර ඉන්නවා කියන්නේ අපිට පේනවා ඒ ඇත්තොන්ගේ අවස්ථාවාදය, බොරුව, වංචාව ඒක මේ රටේ ජනතාවට තේරිලා තියෙනවා. නමුත් අවංක ව වරායේ අක්කර පහළොවක් විකිණීම ගැන, තෙල් සංස්ථාව විකිණීම ගැන, විදුලිබල මණ්ඩලය විකිණීම ගැන, ඒවායේ කැක්කුමක් තියෙන, රාජ්‍ය සේවකයෝ, වෘත්තීය සමිති, ඒ වගේම මේ රටේ ජනතාව ඉදිරිපත් වෙලා කටයුතු කරයි. වංචනික දේශප්‍රේමීන් ඉවත් වෙලා යයි. අර අද තියෙන්නේ ලිබරල්වාදයකුත් නෙවෙයි. පරගැති ලිබරල් වාදයක්. මේ පරගැති ලිබරල් වාදය තමයි මේ සෞභාග්‍යයේ මග නමින් මේ ආණ්ඩුව ක්‍රියාත්මක කරමින් තියෙන්නේ. මේ පරගැති ලිබරල්වාදීන් පලවා හැරීම අද රටට අත්‍යාවශ්‍ය වෙලා තියෙනවා මේ රටේ අනාගත පරපුරට, මේ රටේ වැදගත් සම්පත් ටික ඉතුරු කර ගැනීම සඳහා.”

ප්‍රශ්නය:

පළාත් සභාවක් ගැන මේ වන විට කතිකාවක් ඇතිවෙලා තියෙනවා. දැන් මේ අවස්ථාවට පළාත් සභාවක් තිබිය යුතුයිද? තිබ්බොත් මොකද වෙන්නේ?

“ඒක රජයේ වගකීමක්නේ. දැන් රජය ජිනීවා එකට උත්තරයක් හැටියට හරි, ඉන්දියාවේ විදේශ ඇමතිට උත්තරයක් හැටියට හරි නෙමෙයි ඒක කරන්න ඕන රටේ ප්‍රජාතන්ත්‍රවාදය තියෙන ආයතනයක්නේ පළාත් සභාව. ඉතින් ඒක කරන්නෑ කියලනේ අපිට ඒ කාලේ චෝදනා කළේ. දැන් අවුරුදු දෙකක් වෙනවනේ මේ ආණ්ඩුව ඇවිල්ලා. දැන් ඒ වගේම නව ව්‍යවස්ථාවකුත් ගේනවයි කිව්වනේ. මේ අවුරුද්දේ නොවැම්බර් මාසෙට ප්‍රථම. ඒ මොකක්වත් දැන් පේන්න නෑනේ. පළාත් සභා නැති එක රටක්, එක නීතියක් තියෙන, නව ව්‍යවස්ථාවක් එහෙමත් ගේනවා කිව්වනේ. නව ව්‍යවස්තාවක් පිළිබඳ කතාවකුත් නෑ. මැතිවරණ පැවැත්වීම රජයේ වගකීම. මැතිවරණ පවත්වන්න.”

– media unit

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස