අඩු කළ ගෑස් තවම වැඩි මිලට! වැඩි කළ පිටි එසැනින් වැඩි මිලට!

September 29, 2019 at 7:00 am | by emanisa.lk

දැනට සතියකට පමණ පෙර ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 250කින් අඩු කළ බව රජය නිවේදනය කළ ද මේ දක්වාම වෙළෙඳපොළේ ගෑස් මිල අඩු වී නැත.

අප මේ පිළිබඳ ලිට්රෝ ගෑස් සමාගමෙන් විමසූ විට එහි ප්‍රකාශකයකු පැවසුවේ රජය තවමත් ගෑස් මිල අඩු කරන ලෙස දන්වා නොමැති බවය.

මේ සම්බන්ධයෙන් පාරිභෝගික සේවා අධිකාරියෙන් විමසූ විට එහි මිල අංශයේ නිලධාරියකු පවසා සිටියේ ජීවන වියදම් කමිටුවෙන් ගෑස් මිල අඩු කළද පාරිභෝගික සේවා අධිකාරියෙන් තවම ඒ බව සමාගම්වලට දැනුම් දී නොමැති බවය. පාරිභෝගික සේවා අධිකාරිය මේ පිළිබඳ තීරණයක් ගෙන සමාගම්වලට ඉදිරියේ දී දන්වන බවද ඔහු කීවේය. බොහෝ විට ලබන සතිය තුළදී වෙළෙඳපොළේ ගෑස් මිල අඩු කළ හැකි බවට ඔහු විශ්වාසය පළ කළේය.

ගෑස් මිල අඩු කිරීම සමඟම කිරිපිටි කිලෝව රුපියල් 50කින් වැඩි කළ අතර දැනටමත් වෙළෙඳපොළේ කිරිපිටි අලෙවි වන්නේ වැඩි කළ මිලට බව දැනගන්නට තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස