කිසිවෙකු කලබල විය යුතු නෑ…! උත්සව සමයේ ගෑස් මිල ඉහළ දැමීමේ අවශ්‍යතාවක් නැහැ….! – අගමැති…

March 17, 2021 at 9:13 pm | by emanisa.lk

රට තුළ ගෑස් හිඟයක් නොමැති අතර උත්සව සමයේ ගෑස් මිල ඉහළ දැමීමේ අවශ්‍යතාවක් නොමැති බව මුදල් අමාත්‍ය සහ ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද 2021.03.17 දින පස්වරුවේ අරලියගහ මන්දිරයේ දී ප්‍රකාශ කළේය.

වර්තමාන ආර්ථික තත්ත්වය හා වෙළඳ පොළ සම්බන්ධයෙන් පැවති සමාලෝචන සාකච්ඡාවට එක්වෙමින් අග්‍රාමාත්‍යතුමා මේ බව අවධාරණය කළේය.

මෙහි දී සහල්, පොල්, කිරිපිටි, මාළු,මස්, බිත්තර, පරිප්පු හා ධාන්‍ය, ලොකු ලූණූ හා රතු ලූණු, අර්තාපල්, එළවළු සහ පළතුරු මෙන්ම ගෑස් සඳහා පාරිභෝගිකයින්ට සහන සැලසීම පිළිබඳව අග්‍රාමාත්‍යතුමාගේ අවධානය යොමු විය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *