කෙරවළපිටිය 2025 වන විට LNGවලින් වැඩ නොකළොත් ගත් ඒ සඳහා ගත් ණය මුදල එකවර ගෙවිය යුතුයි…!

October 5, 2021 at 11:00 am | by emanisa.lk

ආසියානු සංවර්ධන බැංකුවෙන් ණයක් ලබාගෙන කෙරවළපිටියේ ඉදිකිරීමට යන මෙගාවොට් 350කින් යුත් එල්.එන්.ජී බලාගාරය 2025 දී එල්.එන්.ජී මගින් විදුලිය ජනනය නොකළ හොත් එම ණය එකවර එම බැංකුව වෙත ගෙවිය යුතුය.

මෙම බලාගාරය ඉදිකිරීමට අවශ්‍ය ණය මුදල ලබාගැනීමේදී රජය ද අදාළ බැංකුවටඇපවෙමින් 2025 වසර වන විට මෙරටට එල්.එන්.ජී පහසුකම් සැලසීමට එකඟතාවක් පළකර ඇතැයි ලංවිම පාලනාධිකාරිය කියා සිටී.

ඒ අනුව ලංවිම මගින් එල්.ඒන්.ජීවලට අදාළ යටිතල පහසුකම් ඇති කිරීම සඳහා ටෙන්ඩරයක් කැඳවා විදේශ සමාගම්වලට අවස්ථාව ලබාදී ඇත. ඒ අනුව පාකිස්තාන, ඉන්දියන් හා නෝර්වේ සමාගම් මිල ගණන් ඉදිරිපත් කරඇති අතර ඊට අමතරව නිව් ෆෝට්‍රස් එනර්ජි(අමරිකානු) සමාගක් හරහා එම ගෑස්(වායුව) මෙරටට ලබා ගැනීමට සැලසුම් කර තිබේ.

වැඩි මිලක් වැයකොට විදුලිය නිපදවන ඩීසල් විදුලි බලාගාර වෙනුවට අඩු වියදම් එල්.එන්.ජී බලාගාර ඉදිකිරීමෙන් රටට විශාල ආර්ථික වාසියක් ලැබෙන බවත් මෙවැනි මහා පරිමාණ ව්‍යාපෘති සඳහා ප්‍රාග්ධනය මෙන්ම තාක්ෂණය ඇතුළු අනෙකුත් පහසුකම් ශ්‍රී ලංකාව සතුව නොමැති නිසා විදෙස් ණය හා විදෙස් ආයෝජන ලබාගැනීමට සිදුවන බවද විදුලිබල මණ්ඩලය කියා සිටී.

එහෙත් විපක්ෂයට සම්බන්ධ වෘත්තීය සමිති හා විරුද්ධ පාර්ශ්ව දේශපාලන හා වෙනත් අරමුණු ඇතිව මේවාට විරෝධය පළකිරීම නිසා රටේ සංවර්ධනය පසුබෑමකට ලක්වනු ඇතැයි විදුලිබල මණ්ඩල පාලනාධිකාරිය කියා සිටී.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස