ඇමැති බන්දුල පරදි…! ලාෆ් ගෑස් මිල රු. 363කින් ඉහළට…! අලුත් සිලින්ඩරයක මිල රු. 1, 856යි….!

August 12, 2021 at 11:35 am | by emanisa.lk

ලාෆ් ගෑස් මිල ඉහළ නැංවීම සඳහා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව කිලෝ 12.5ක ගෑස් සිලින්ඩරයක මිල රු. 363කින් ඉහළ යනු ඇති අතර නව මිල රු. 1, 856ක් වනු ඇත. එහෙත් මෙතෙක් රජයට අනුබද්ධිත ලිට්‍රෝ සමාගම ගෑස් මිල ඉහළ නංවා නැත.

ලෝක වෙළඳපොළේ ගෑස් මිල ඉහළ යාමට සාපේක්ෂව ගෑස් මිල ඉහළ නැංවීමට ඉඩ ලබා නොදීම නිසා ලාෆ් සමාගම ගෑස් ආනයනය අතහැර දමා තිබූ අතර දැඩි ගෑස් හිඟයක් නිර්මාණය විය.

කෙසේ වුව ද වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන සඳහන් කළේ පසුගිය සමයේ ගෑස් සමාගම් විශාල ලාභයක් ලැබූ බවත් මේ අවස්ථාවේ මිල නැංවීමට ඉඩලබා දිය නොහැකි බවත් ය.

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *