කෙරවළපිටිය බලාගාරය මහ රෑ ඇමරිකාවට විකුණලා…! මේවා අම්මගේ අප්පගේ දේපළ ද…? – අනුර….

September 19, 2021 at 9:18 pm | by emanisa.lk

කෙරවලපිටිය තාප විදුලි බලාගාරයේ කොටස්වලින් සියයට 40ක් ඇමරිකානු සමාගමකට පවරාදීමේ ගිවිසුමකට පසුගිය සිකුරාදා මධ්‍යම රාත්‍රියේ අත්සන් කර ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක පවසයි.

“කෙරවලපිටිය බලාගාරය ගෑස් බලාගාරයක් දක්වා වෙනස් කිරීමට නළ පද්ධතියක් අපි එළන්න ඕනකම තියෙනවා. ගබඩා පද්ධතියක් අපි ඉදිකරන්න ඕනේකම තියෙනවා. ඒ සඳහා ඛනිජ තෙල් අමාත්‍යාංශය ලංසු කැඳවා තිබෙනවා. 2021 පෙබරවාරි 18 පුවත්පත් දැන්වීමක් මඟින්.

හැබැයි බැසිල් රාජපක්ෂ මුදල් ඇමති ලෙස කැබිනට් පත්‍රිකාවක් දාලා එම ඉදිකිරීම්, මෙම ටෙන්ඩරයට කිසිසේත් ම සම්බන්ධ නොවු අමෙරිකානු සමාගමකට පවරා තිබෙනවා. නිව් ෆෝට්රස් එනර්ජි කියන සමාගමට පවරනවා. ගනුදෙනුවක් ලෙස මේක පිරිසිදු ගනුදෙනුවක් නෙමෙයි.

පිරිසිදු ගනුදෙනුවක් නම්, අමෙරිකානු සමාගමට අර ලංසු ඉදිරිපත් කරන වෙලාවේ දී ඔවුන්ගේ ලංසුව ඉදිරිපත් කරලා, එම ඉදිකිරීම ගත හැකිව තිබුණා. දැන් ආරම්භයේ දීම මොකද කරලා තියෙන්නේ මෙම ඉදිකිරීම ලංසුකරුවෙක් නොවුණු අමෙරිකානු සමාගමට දෙන්න කැබිනට් තීන්දුවක් ගන්නවා. ඒ විතරක් නෙමෙයි ස්වභාවික ගෑස් අවුරුදු 05 යනතුරු සැපයීමේ කොන්ත්‍රාත්තුවත් එම සමාගමටම ලබාදීලා. ඒ විතරක් නෙමෙයි වසර 05ක් තුළ කෙරවලපිටියේ ඉදිවන වෙනත් ඕනෑම බලාගාරයකට ගෑස් සැපයීමේ අයිතිය නිව් ෆෝට්රස් එනර්ජි සමාගමට ලබාදෙනවා. අම්මාගේ අප්පාගේ දේපළ ද මේ.

මොකද කරලා තියෙන්නේ මේ කෙරවලපිටියේ බලාගාරයේ කොටස්වලින් 40% ක් අමෙරිකානු නිව් ෆෝට්රස් එනර්ජි සමාගමට පවරාදීමේ ගිවිසුම පසුගිය සිකුරාදා අත්සන් කළා. මේ කැබිනට් පත්‍රිකාව අනුමත කරනකොට කිසි ඇමතිවරයෙක් ළඟ කැබිනට් පත්‍රිකාව නැහැ.

මේ කොටස් විකිණීමේ හා මිල දී ගැනීමේ ගිවිසුම අත්සන් කළ පසු අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරලා තියෙනවා. මේ ගිවිසුම අත්සන් කරලා තියෙන්නේ 17 රාත්‍රී 12.06 ට. අත්සන් කරන්න ආව සුද්දා පාන්දර අමෙරිකාවට යනවා. රෑ 12.06 ට ගිවිසුම් අත්සන් කරන්න බකමූණෝද මේ ගොල්ලෝ.”

ජනතා විමුක්ති පෙරමුණේ පක්ෂ කාර්යාලයේ අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු ඒ බව පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස