ආණ්ඩුවේ අළු යට ගිනි ඇවිළෙයි….! ගම්මන්පිල ගෑස් කමිටුවෙන් යයි…!

June 27, 2021 at 7:58 am | by emanisa.lk

ගෑස් මිල ගණන් තීරණය කිරීම සඳහා පත්කළ අමාත්‍ය මණ්ඩල උප කමිටුවෙන් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල ඉල්ලා අස් වී තිබේ.

ඊට හේතුව වශයෙන් ඔහු කමිටුවට ප්‍රකාශ කළේ මෙයට සහභාගි වී මිල තීරණයට සහය පළකළහොත් ආණ්ඩුවේම සමහර පාර්ශ්වවල ප්‍රහාරයන්ට තමන් ඉලක්ක වන බැවින් මෙම තීරණය ගත් බවය.

රජයේ පොදු තීන්දුව අනුව තෙල් මිල සම්බන්ධයෙන් පෙනී සිටි තමාට රජයේ සමහරුම පහර දුන් බැවින් තමන් ගෑස් මිල කමිටුවට සහභාගි නොවීමට අදහස් කරන බව ද සඳහන් කර ඇත.

අමාත්‍ය ගම්මන්පිලගේ තීන්දුව වෙළෙඳ අමාත්‍යවරයා දැනටමත් කැබිනට් මණ්ඩලයට ද වාර්තා කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *