ඉන්ධන මිල ස්ථායිකරණ අරමුදලට මොකද වුණේ….? බලවතෙක් හොරා කෑව ද…?

June 15, 2021 at 7:32 am | by emanisa.lk

ලෝක වෙළඳපොළේ ඉන්ධන මිල උච්ඡාවචනයේ බලපෑමෙන් මෙරට ඉන්ධන පාරිභෝගිකයා ආරක්ෂා කර ගැනීම සදහා 2020 වසරේ දී ස්ථාපිත කරන ලද ඉන්ධන මිල ස්ථායීකරණ අරමුදල මේ වන විට හිස්ව ඇති බව මෝර්නිං පුවත්පත වාර්තා කරයි.

බලශක්ති අමාත්‍යංශයේ ආරංචි මාර්ගවලට අනුව එක් අවස්ථාවක රුපියල් බිලියන 18 – 20 ත් අතර මුදල් ප‍්‍රමාණයක් එම අරමුදල සතුව තුළ තිබී ඇති බව වාර්තා වෙයි.

විදුලි බල මණ්ඩලය විසින් ලංකා ඛණිජතෙල් සංස්ථාවට ගෙවිය යුතු හිග මුදල් පියවීම සඳහා මෙම අරමුදල උපයෝගී කර ගෙන ඇති බව වාර්තා වේ.

පසුව එම මුදල් භාවිත කරමින් ඛණිජ තෙල් සංස්ථාව විසින් ලංකා බැංකුවෙන් සහ මහජන බැංකුවෙන් ලබා ගෙන තිබෙන ණය මුදලක් පියවා තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස