ආණ්ඩුවේ විශේෂ අධිකරණයේ විභාග කළ පළමු නඩුවේ තීන්දුව මෙන්න! මහින්දගේ හිටපු කාර්ය මණ්ඩල ප්‍රධානී නිදොස්කොට නිදහස් කරයි!

August 8, 2019 at 12:30 pm | by emanisa.lk

ලිට්‍රෝ ගෑස් සමාගමට අයත් රුපියල් මිලියන 500ක් සාවද්‍ය පරිහරණය කිරීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් මහතා ඇතුළු පිරිසකට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර ඇති නඩුවේ චෝදනාවලින් ඔහු සහ අනෙක් තිදෙනා ද නිදොස්කොට නිදහස් කිරීමට ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය අද (08) නියම කළේය.

2014 පෙබරවාරි 01 – 2015 ජනවාරි 20 අතර කාලසීමාව තුළ ලිට්‍රෝ ගෑස් සමාගම විසින් කැන්විල් හෝල්ඩිං සමාගමට ලබාදුන් රුපියල් මිලියන 500ක් හෙලන්කො හොටෙල් ඇන්ඩ් ස්පා නමැති පුද්ගලික සමාගමක යෙදවීමෙන් රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කළ බවට චෝදනා කරමින් නීතිපතිවරයා විසින් පවරා තිබුණු මෙම නඩුවෙන් විත්තිකරුවන්ට එරෙහිව චෝදනා 24ක් යටතේ අධිචෝදනා ගොනු කර තිබිණි.

මෙම නඩුව ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය හමුවේ විභාගයට ගත් පළමු නඩුව ද වේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස