අර්බුදය හමුවේ පාරිභෝගිකයා මෙන් ම ව්‍යාපාරිකයාත් රැකෙන තීන්දු ගතයුතුයි ..! – නාමල්…

September 26, 2021 at 5:43 am | by emanisa.lk

ගෝලීය වශයෙන් උද්ගතව ඇති අර්බුද හමුවේ ගෑස් ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල තීරණය කිරීමේදී පාරිභෝගිකයා මෙන්ම ව්‍යාපාරික ආයතන පිළීබදවද අවධානය යොමුකර මධ්‍යස්ථ තීරණයක් ගත යුතුව ඇති බව තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ පවසයි.

පවතින ආර්ථික ගැටලුවත් එක්ක භාණ්ඩ ගෙන්වීමේ ප්‍රශ්නයක් පවතින හෙයින් ව්‍යාපාරිකයින් තවත් පාඩු ලබන තැනකට පත්නොකළ යුතු වන බව අමාත්‍යවරයා සඳහන් කරයි.

ව්‍යාපාරිකයින් පාඩු ලැබීම හමුවේ රට තුළ භාණ්ඩ හිඟයක් නිර්මාණය වන බව නාමල් රාජපක්ෂ කියාසිටියි.

වැලිගම නගර සභාවේ පැවති වැඩසටහනකින් පසුව මාධ්‍යයට අදහස් දක්වමින්  නාමල් රාජපක්ෂ මෙම අදහස් දක්වා සිටියේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *