ජනාධිපතිවරණයට එජාපයෙන් එන්නේ මමයි! සජිත්ගේ රැලිවලට වඩා සෙනග මම ගේනවා! මම ගෝඨා පරාද කරලා ජනාධිපති වෙලා පෙන්වන්නම්! – සජිත් පිල හාන්සි කරමින් අගමැති රනිල් අවසානය නිවේදනය නිකුත් කරයි…

September 6, 2019 at 4:03 pm | by emanisa.lk

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා වශයෙන් තමන් ඉදිරිපත් වන බව පක්ෂ නායක, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අද (06) නිවේදනය කර තිබේ.

අද දහවල් අරලියගහ මන්දිරයේ පැවති එක්සත් ජාතික පෙරමුණේ ජ්‍යේෂ්ඨයින්ගේ රැස්වීමේදී අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර ඇත.

මෙම රැස්වීමට මංගල සමරවීරසහ සජිත් ප්‍රේමදාස හැර අනෙකුත් කැඳවීම් ලද ජ්‍යේෂ්ඨයින් සහභාගී වී ඇති අතර ඔවුන් අමතමින් අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ “කවුරුත් අපේක්ෂකත්වයට පොරකන්න අවශ්‍ය නෑ. මම ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනවා. මම දිනලා පෙන්නනවා” යනුවෙනි.

මෙහිදී සජිත් පාර්ශ්වයේ මලික් සමරවික්‍රම සහ එජාප සභාපති කබීර් හෂීම් විරෝධය පළ කර ඇත්තේ ජනතාව ඉල්ලන්නේ සජිත් ප්‍රේමදාස බවත් ඊයේ කුරුණෑගල ද දහස් ගණනක් පැමිණි බවත් ප්‍රකාශ කරමිනි.

“රැස්වීම්වලට සෙනඟ එනවා තමයි. යූඑන්පී රැස්වීම්වලට කොහොමත් සෙනඟ එනවා. දැන් ලබන සතියේ ඉඳලා මාත් රැස්වීම් තියන්න පටන් ගන්නවා. එතකොට මං ඔයිට වඩා සෙනඟ ගෙන්නලා පෙන්නන්නම්.”

“මූලිකම දේ වෙන්නේ පක්ෂයේ එකමුතුව රකින එක. එක එක්කෙනා පුම්බන්න යන්න එපා, පක්ෂය කල්ලිවලට කඩන්න එපා. ඒක අපේ ජයග්‍රහණයට බාධාවක්. මම එනවා, ඕනෙ කෙනෙක් එක්ක තරග කරනවා. මම දිනනවා.” යැයි රනිල් වික්‍රමසිංහ පවසා ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස