ඉන්දියාවේ ත්‍රස්තවාදීන් පරාජය කරන්න ලංකා අගමැති සූදානම්!

February 17, 2019 at 9:10 am | by admin

ඉන්දියාවේ කාශ්මීර ප්‍රදේශයේදී ඉන්දීය හමුදා නිලධාරීන් පිරිසක් රැගත් රථ පෙළක් ඉලක්ක කර ඉකුත් දා එල්ල වූ ප්‍රහාරය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ දැඩි ලෙස හෙළා දැක ඇත.

අදාළ ප්‍රහාරය පිළිබඳ පුවත අසා තමන් මහත් කම්පාවට පත්වූ බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි වෙත ලිපියක් යොමු කරමින් අග්‍රාමාත්‍යවරයා පවසා තිබේ.

මෙම කණගාටුදායක අවස්ථාවේ විපතට පත්වූවන්ගේ පවුල් සමග මෙන්ම ඉන්දීය රජය සමග ශෝකය බෙදා ගැනීමට තමන් මෙන්ම සමස්ත ශ්‍රී ලංකා ප්‍රජාව ද එක්ව සිටින බව එම ලිපියේ සඳහන්ය.

එමෙන්ම ත්‍රස්තවාදය පරාජය කිරීම සඳහා කලාපීය වශයෙන් මෙන්ම ජාත්‍යන්තර වශයෙන්ද ඕනෑම අවස්ථාවකදී ඉන්දියාවට පූර්ණ සහය ලබාදීමට ශ්‍රී ලංකාව සූදානම් බවද හෙතෙම ඉන්දීය අග්‍රාමාත්‍යවරයා වෙත අවධාරණය කර ඇත.

කෙසේ වුවද ශ්‍රී ලංකාව කොටි ත්‍රස්තවාදය පරාජය කිරීම සඳහා අසීරු සටනක් කරන සමයේ ශ්‍රී ලංකාවේ විපක්ෂ නායක ලෙස කටයුතු කළ රනිල් වික්‍රමසිංහගේ හැසිරීම ඉතාම විවාදාත්මකය. එම සටනේ දී සිවිල් වැසියන් 40 000ක් මිය යන බවට මුලින්ම මතවාද සකස් කළේ එවක විපක්ෂ නායක රනිල් බව විකිලීක්ස් කේබල් පණිවිඩවලින් අනාවරණය වන බව මහාචාර්ය චන්න සුදත් ජයසුමන හෙළි කළේය. 2001-2003 පාලන සමයේ දී එවක ජනාධිපතිනියට හෝ කැබිනට් මණ්ඩලයට පවා නොදන්වා ප්‍රභාකරන් සමග ඉතාම ආන්දෝලනාත්මක සටන් විරාම ගිවිසුමක් අත්සන් කළේ ද රනිල් වික්‍රමසිංහය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *