ජනපති සොයුරු ඩඩ්ලි සහ සජිත් රහස් හමුවක්! ජනාධිපතිවරණය පිළිබඳ පැය ගණනක සාකච්ඡාවක්!

September 12, 2019 at 11:31 am | by emanisa.lk

ජනාධිපතිවරණයේදී සහයෝගය ලබාගැනීම සඳහා එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක ඇමැති සජිත් ප්‍රේමදාස ජනාධිපති සොයුරු ඩඩ්ලි සිරිසේන සමග සාකච්ඡාවක් පවත්වා ඇති බව වාර්තා වෙයි.

කොළඹ යුනියන් පෙදෙසේ පිහිටි සංචාරක හෝටලයකදී මෙම සාකච්ඡාව පෙරේදා (10) දහවල් පවත්වා තිබේ. වෙනත් කිසිදු පුද්ගලයකු මෙම සාකච්ඡාවට සහභාගි වී නොමැත.

ජනාධිපතිවරණය, එක්සත් ජාතික පක්ෂ අර්බුදය සහ ජනාධිපති ධුර අපේක්ෂකත්වය ලබාගැනීම පිළිබඳව ඔවුන් දෙදෙනා දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇතැයි අභ්‍යන්තර ආරංචි මාර්ග අනාවරණය කරයි. ජනාධිපති සොයුරු ඩඩ්ලි සිරිසේන ප්‍රසිද්ධ වෙළෙඳ ව්‍යාපාරිකයෙක්ද වෙයි.

එජාපයෙන් තරුණ නායකයකු ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ නම් සිය සහාය ඔහුට ලැබෙන බවට ජනාධිපතිවරයා මෙයට කලකට පෙර ප්‍රකාශ කර තිබිණි. සජිත් අගමැති කරන එජාප ආණ්ඩුවක් බිහි කිරීමේ සැලසුමක් පිළිබඳ අනතුරු ඇඟෙව්වේ එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මාරසිංහය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස