ගෝඨා හරිම බයගුල්ලෙක්! සජිත් එක්ක රටේ ප්‍රශ්න ගැන විවාදෙට ආවේ නෑ!- හර්ෂණ රාජකරුණා

October 18, 2019 at 4:25 pm | by emanisa.lk

රාජපක්ෂවරු නැවත බලයට පැමිණියහොත් 2015 පෙර මෙන් ජාත්‍යන්තරය ශ්‍රී ලංකාවට එරෙහිව කටයුතු කරනු ඇතැයි එජාප පාර්ලිමේන්තු මන්ත්‍රීි හර්ෂණ රාජකරුණා පවසයි.

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ මැතිවරණ සම්බන්ධීකරණ කාර්යාලයේ (17) පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙසේ පැවසීය.

සජිත් ප්‍රේමදාස විවාදයක් සඳහා ආරාධනා කළත් ගෝඨාභය රාජපක්ෂට බියගුල්ලෙකු මෙන් එම අවස්ථාව මගහැරි බවත් ජනතා ප්‍රශ්නවලට ඔහු ලබා දෙන විසඳුම් මොනවාදැයි ජනතාව බලා සිටින බවත් හෙතෙම පවසයි.

දියුණු රටවල එවැනි විවාද ඇති බවත් ගෝඨාභය රාජපක්ෂට තනිව සජිත් ප්‍රේමදාස සමග විවාදයට පැමිණිය නොහැකි නම් හතර පපස් දෙනෙකු රැගෙන පැමිණෙන ලෙසත් ඔහු අභියෝග කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස