එස්.බී., ඩිලාන්, අමුණුගම සහ රෙඩිනෝල්ඩ් ශ්‍රීලනිප තනතුරුවලින් පන්නයි!

August 26, 2019 at 3:49 pm | by emanisa.lk

අද රාත්‍රී පැවැත්වෙන ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාවේ දී දැනට ශ්‍රීලනිපයේ තනතුරු දරමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග සමීපව කටයුතු කරන කිහිප දෙනෙකු එම තනතුරුවලින් ඉවත් කර වැඩබැලීමට කිහිප දෙනෙක් පත්කිරීමට සැලසුම් කර ඇතැයි එම පක්ෂ ආරංචි මාර්ග පවසයි.

මේ අනුව ශ්‍රීලනිප භාණ්ඩාගාරික එස්.බී. දිසානායක, ශ්‍රීලනිප උප සභාපති ඩිලාන් පෙරේරා, ශ්‍රීලනිප උප සභාපති රෙජිනෝල්ඩ් කුරේ සහ සරත් අමුණුගමට සිය තනතුරු අහිමි වනු ඇති අතර ඔවුන් පිළිබඳ දේශපාලන තීන්දුවක් ගැනීමට බොහෝ දුරට ඉඩ ඇතැයි ද වාර්තා වෙයි.

අද රාත්‍රී 8ට පක්ෂ නායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති නිල නිවසේ දී මධ්‍යම කාරක සභාව රැස්වීමට නියමිතය.

මෙම හමුව සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මංගල රැලියට සහභාගී වූ එස්.බී. දිසානායක, ඩිලාන් පෙරේරා, සරත් අමුණුගම, මොහොන් ලාල් ග්‍රේරු සහ රෙඩිනෝල්ඩ් කුරේ වෙත ආරාධනා කර නොමැති අතර එස්.බී. සහ ඩිලාන් දැනටමත් තමන් ශ්‍රීලනිපයේ දරන තනතුරුවලින් ඉල්ලා අස්වීමේ ලිපි ජනාධිපතිවරයා වෙත යවා ඇතැයි ද වාර්තා වෙයි.

රෙජිනෝල්ඩ් කුරේ පසුගියදා මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති ධුරයෙන් ද ඉල්ලා අස්විය. මේ අතර ශ්‍රීලනිප වැඩබලන භාණ්ඩාගාරික ධුරයට ලසන්ත අලගියවන්න පත්කිරීමේ සැලසුමක් ඇතැයි ද වාර්තා වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස