ෂාෆි සුදුසුකම් ලත් නාරි හා ප්‍රසව වෛද්‍යවරයෙකුත් නෙවෙයි! රාජිත කමිටුවක් ගෙනාවේ වෛද්‍ය ෂාෆි කළ අපරාධය යටගහන්නයි! – එස්.බී.

May 28, 2019 at 6:11 pm | by admin

කුරුණෑගල ශික්ෂණ රෝහලේ මොහොමඩ් ෂාෆි වෛද්‍යවරයාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත් වීම සඳහා සෞඛ්‍ය අමාත්‍යංශයෙන් පරීක්ෂණ කමිටුවක් පත් කර ඇත්තේ එම සිද්ධියේ සෑබෑ තත්ත්වය යටපත් කිරීමට බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී දිසානායක මහතා පවසයි.

මහනුවරදී මාධ්‍ය හමුවක් පවත්වමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

මෙහිදී අදහස් දක්වමින් මන්ත්‍රීවරයා කියා සිටියේ, එම වෛද්‍යවරයා නාරි විශේෂඥවරයෙක් ලෙස බොහෝ අය අර්ථ දැක්වුවත් ඔහු එවැනි වෛද්‍යවරයෙක් නොවන බවයි.

ඔහු සාමාන්‍ය වෛද්‍යවරයෙක් බවත් ඔහු නිල වශයෙන් “සීනිවර් හවුස් ඔෆිසර්“ කෙනෙක් බව ද මන්ත්‍රීවරයා මෙහිදී පැවසීය.

ඔහු විසින් සිදු කල සැත්කම් පිළිබඳ මේ වන විට පැමිණිලි 50 කට වඩා පැමිණ ඇති බවත්, පැවසු මන්ත්‍රීවරයා මේ පිළිබඳ ලංකාවේ සිටින ජ්‍යෙෂ්ඨ ශෛල්‍ය වෛද්‍යවරු දෙදෙනෙකුගෙන් ඇසූ බවත්,

එහිදී ඔවුන් නිශ්චය කරමින්ම බොහෝම ලේසියෙන් සිසේරියන් සැත්කම සමඟම මෙම පැලෝපීය නාලය කීප තැනකින් තද කිරීමෙන් මව්වරුන් නැවත වතාවක් ගැබ් ගැනීම වලකාලිය හැකි බවයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස