මම තුන්වෙනි පාර නම් අයවැයට විරුද්ධ වෙනවාමයි! – එස්.බී.

March 17, 2019 at 2:43 pm | by admin

අයවැය තුන්වෙනි වර කියවීමේ දී ඊට එරෙහිව ඡන්දය ප්‍රකාශ කරන බව ශ්‍රීලනිප පාර්ලිමේන්තු මන්ත්‍රීි එස්.බී. දිසානායක පවසයි. ඔහු ජනාධිපතිවරයා විසින් ජාතික ලැයිස්තුවෙන් පත් කළ මන්ත්‍රීවරයෙකි.

අයවැය දෙවෙනි වර කියවීමේ දී පක්ෂයේ සමගිය ආරක්ෂා කරගැනීමට ඉහළ නියෝග අනුව ඊට එරෙහි ඡන්දය ලබා දුන්නද තෙවන වර කියවීමේ දී ඊට එරෙහි වන ඔහු ප්‍රකාශ කළේ මහනුවර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රතිසංවිධාන හමුවකට (16) සහභාගී වෙමිනි.

කෙසේ වුවද අයවැය පරාජය කිරීමට ඡන්දය දෙන බව පවසා නැඟිට ගොස් ඡන්දය අවස්ථාවේ පළා යන ශ්‍රීලනිප හොරිකඩයන් සිටින තුරු අයවැය පරාජය කළ නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *