ශ්‍රීලනිප පාක්ෂිකයෝ දැනටමත් ගෝඨාට එකතුවෙලා! යූඇන්පීකාරයෝ කීප දෙනෙක් කකුලෙන් අදිනවා! – ඩිලාන්

August 19, 2019 at 8:42 am | by emanisa.lk

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය තීන්දු කළත් නැතත් ශ්‍රී ලංකා නිදහස් පාක්‍ෂිකයන් බහුතරයක් ගෝඨාභය රාජපක්‍ෂට සහාය ලබාදීමට තීරණය කර අවසන් බව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ උප සභාපති ඩිලාන් පෙරේරා සඳහන් කළේය.

හවුල් ආණ්ඩුවෙන් මුලින්ම ඉවත්වූ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ සාමාජිකයන් දහසය දෙනාගෙන් දහතුන් දෙනෙකු මේ වන විට ගෝඨාභය රාජපක්‍ෂ මහතා සමග එකතු වී සිටින බවත්, ඉදිරියේදී තවත් දෙදෙනෙකු පැමිණීමට නියමිත බවත් ඔහු පවසයි.

මේ නිසා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය තුළ දැනට ඉතිරිව සිටින පිරිසත් ගෝඨාභය රාජපක්‍ෂට සහාය ලබාදීමට තීරණය කළ යුතු වුවත්, ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය තුළ සිටින එක්සත් ජාතික පක්‍ෂ සාමාජිකයන් අදාළ තීරණය ගැනීම පමා කරමින් සිටින බවද ඩිලාන් පෙරේරා පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස