ජනපති ආාණ්ඩුකාර කුට්ටම අනයි! මෛත්‍රී ඌවට, කීර්ති මධ්‍යමට සහ හේමාල් දකුණට!

August 5, 2019 at 10:48 am | by emanisa.lk

කීර්ති තෙන්නකෝන් මධ්‍ය පළාතේ ද මෛත්‍රීි ගුණරත්න ඌව පළාතේ ද හේමාල් ගුණසේකර දකුණු පළාතේ ද ආණ්ඩුකාර ධුර සඳහා ජනාධිපතිවරයා විසින් අද (05) පත්කර තිබේ.

පසුගියදා ජනාධිපති ලේකම් කාර්යාලයේ ඉල්ලීම පරිදි දකුණු පළාත් ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් සහ මධ්‍යම පළාත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න ඉල්ලා අස්විය.

එසේම ඌව පළාත් ආණ්ඩුකාර ධුරයෙන් මාර්ෂල් පෙරේරා ද ඉල්ලා අස් වූ අතර ඔහු අනතුරුව සිය පුත් ඩිලාන් පෙරේරා සමග මාධ්‍ය හමුවකට ද පෙනී සිටියේය. ඩිලාන් පෙරේරා මේ වන විට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහාය පළකරමින් සිටියි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස