එජාපය දෙකඩ වෙයි! විපක්ෂ නායක සටන ඇවිලෙයි! මන්ත්‍රීි 45ක් විපක්ෂ නායක ධුරය සජිත්ට ඉල්ලයි! අකිල රනිල්ට ඉල්ලයි!

November 21, 2019 at 2:52 pm | by emanisa.lk

නව ප්‍රජානත්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ලෙස කටයුතු කළ සජිත් ප්‍රේමදාසට විපක්ෂනායක ධුරය ලබාදෙන ලෙස ඉල්ලමින් එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් 45කගේ අත්සන් සහිත ලිපියක් කථානායක කරු ජයසූරියට යොමුකර තිබේ.

එක්ස්ත් ජාතික පක්ෂයේ නායක, හිටපු අගමැති රනිල් වික්‍රමසිංහට විපක්ෂනායක ධුරය ලබාදෙන ලෙස එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාජ් කාරියවසම් ද අද දිනයේදී කථානායකවරයාට ලිපියක් යොමුකළේය.

පක්ෂ 15කින් සුසැදි එක්සත් ජාතික පෙරමුණට මේ වන විට පාර්ලිමේන්තුවේ ආසන 106ක් හිමිය. ඒ් අනුව සන්ධානයේ බහුතරය සජිත් විපක්ෂ නායක කරන ලෙස ඉල්ලන ලිපියට අත්සන් යොදා නැත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස