මන්ත්‍රී 83ක් සහ කෘත්‍යාධිකාරී මණ්ඩල බහුතරය සජිත්ට! ජනාධිපති අපේක්ෂකත්වය මදි! පක්ෂ නායකත්වයත් ඕන! – සජිත් පිළ තීරණාත්මකව කියයි….

July 5, 2019 at 10:50 pm | by emanisa.lk

එක්සත් ජාතික පක්ෂයේ ඉහළ පෙළේ මැති ඇමතිවරුන් සහ නිලධාරීන් පිරිසක් අතර ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් තීරණාත්මක සාකච්ඡාවක් පසුගිය දා සිදුවිය. තමන් සජිත් වෙනුවෙන් පක්ෂය තුළ සිට ගැනීමට සූදානම් යැයි පැවසූ ප්‍රබලයෙක් ඒ සඳහා සජිත්ගේ සූදානම කුමක් දැයි විමසීය.

එහිදී සජිත් පිල නියෝජනය කළ ප‍්‍රබලයෙකු සඳහන් කළේ සජිත් ප්‍රේමදාස ජනාධිපති අපේක්ෂකත්වය භාරගන්නේ පක්ෂ නායකත්වයද ලබාදුනහොත් පමණක් බවය. එසේම පක්ෂයෙන් පිටට ගොස් අපේක්ෂකයා වීමට සජිත් සූදානම් නැති බව ද අවධාරණය කෙරිණි.

දැනටමත් මන්ත‍්‍රී කණ්ඩායමේ 107 දෙනා අතරින් 83 දෙනෙකු සජිත් ප්‍රේමදාස පක්ෂ බවත්, කෘත්‍යධිකාරී මණ්ඩලයේද බහුතරය ඔහුට බවත් එහි දී පැවසිණි.

මේ සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ සමග සාකච්ඡා කර තීරණයක් ගැනීමට නොහැකි නම් ජනාධිපති අපේක්‍ෂක තෝරා ගැනීමට පක්ෂය තුළ ඡන්දයක් පවත්වීමට කටයුතු සූදානම් කළ යුතු යයි රනිල් පිල වෙනුවෙන් සහභාගී වූ ප‍්‍රබලයෙකු යෝජනා කළේය.

එකඟත්වයක් ඇතිව කටයුතු කරන්නේ නම් සජිත් ප්‍රේමදාස ජනාධිපති අපේක්ෂකයා ලෙසත් රනිල් වික්‍රමසිංහ අගමැති අපේක්ෂක ලෙසත් නම් කළ යුතු බවට සහ එසේ නොවන්නේ නම් තනතුරු දෙක සඳහාම පක්ෂය තුළ ඡන්දයක් පැවැත්විය යුතු බවට ජ්‍යෙෂ්ඨයෙකු විසින් කළ යෝජනාව සියලු දෙනා එකඟ වී ඇත.

ඒ අනුව ඉතා ඉක්මනින්ම පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා හමුවී තීරණාත්මක සාකච්ඡාවක් පැවැත්වීමට තීරණය කෙරිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස