ආගම ජාතිය රකින බවට පොරොන්දු වූ එකම නායකයා ගෝඨාභයයි! – ඇල්ලේ ගුණවංශ හිමි

November 26, 2019 at 10:23 am | by emanisa.lk

විශාල බලාපොරොත්තු තියාගෙන පත්කළ මෙම ආණ්ඩුව ද එම බලාපොරොත්තු කඩ කරන්නේ නම් ඔවුන්ට විරුද්ධවද කටයුතු කිරීමට මැලිවන්නේ නැතැයි ඇල්ලේ ගුණවංශ හිමියෝ (23) පැවසූහ.

උන්වහන්සේ මේ බව කියා සිටියේ විද්වත් වෘත්තිකයන්ගේ සංගමයේ ( ඕ.පී.ඒ.) ආරම්භක සභාපති අභාවප‍්‍රාප්ත ආචාර්ය නාත් අමරකෝන් මහතාගේ 2 වන ගුණානුස්මරණය වෙනුවෙන් පැවැති උත්සව අවස්ථාවට එක්වෙමිනි.

වැඩිදුරටත් අදහස් දැක්වූ ඇල්ලේ ගුණවංශ හිමියෝ මෙසේද පැවසූහ.

පින්දහම් කරන්න වුණත් ආර්ථිකය ශක්තිමත්ව තියෙන්න ඕනෑ. ලංකාවේ අඩුම ආදායම ලබන පිරිස බෞද්ධයෝ. මේක කියන කොට සමහරුන්ට කේන්ති යයි. නමුත් ඇත්ත කියන්න ඕන.

එදා මේ රටේ මැලිබන්, නවලෝක, ඇල්බට් එදිරිසිංහ වැනි දේශීය ව්‍යාපාරික ප‍්‍රජාවක් බිහිවී සිටියා. අද එවැනි අය බිහිවෙලා තියෙනවාද? මේ තත්ත්වයට රට පාලනය කළ වැඩි පිරිසක් වගකියන්න ඕනෑ. පැවැති ආණ්ඩුව පරාජය කරන්න අපි පෙරමුණ ගත්තා. ඒක අපි නොබියව කියන්න ඕනෑ.

පැවැති ආණ්ඩුවේ ඇතැමුන් පහත් විදියට භික්‍ෂු පරපුර විවේචනය කළා. භික්‍ෂු හමුදාව 20,000ක් ඉන්නවා. හිතුවේ අපි කොන්ද පණනැති ජාතියක් කියලා. අපිට අවුරුදු 2500 ක ඉතිහාසයක් තියෙනවා. මේ රට රැක්කේ දේශපාලකයෝ නොවෙයි. ගිිහි හා පැවිදි පක්‍ෂයයි.

එක ඇමැතියෙක් කිව්වා මේ රට් බුද්ධ, ධම්ම විතරයි ඉන්නේ කියලා. එයාට සංඝ අමතක වෙලා. රට, ජාතිය, ආගමට එරෙහිවන ඕනෑම අයෙකුට මං එරෙහි වෙනවා. නිවට ජාතියක් වගේ මට ඉන්න බැහැ. මේ රටේ හමුදාවේ 3,800 ක් මියගියේ 18,000 ක් ආබාධිත වුණේ ඇයි කියලා මේ ඇමැතියා දන්නෙ නැද්ද දන්නේ නැහැ.

මේ වන විට බම්බලපිටියේ අක්කර 600 ක් අරන් බැලූවම අපිට අයිතිව තියෙන්නේ අක්කර 21 යි. මේ රට චීනයට, ඉන්දියාවට, ඇමරිකාවට, ජපානයට යටවෙලා. ඇමරිකාවට අක්කර ලක්‍ෂ ගාණක් දෙන්න ගිහින් දැන් නැවතිලා තියෙනවා. අපි හිගන ජාතියක් වෙලා කම්කරුවා වෙලා ඉන්නේ. වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ තමයි ජාතිය, ආගම රකිනවා කියලා අනුරාධපුරයට ගිහින් කිව්වේ. නිදහසින් පසු එහෙම කිව්ව එකම නායකයා ඔහුයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස