මේ විදිහට බෞද්ධයෝ රවටපු ආණ්ඩුවක් 48න් පස්සේ තිබුණේ නෑ! මේ දවස්වල ආණ්ඩුවේ දේශප්‍රේමීන් වැස්සට නැගිටින කූඩැල්ලෝ වගේ! – ඇල්ලේ ගුණවංශ හිමි (video)

June 14, 2019 at 5:42 pm | by emanisa.lk

ජනතාව රවටන ආණ්ඩුවක් වෙනුවට ජනතාව වෙනුවෙන් පෙනී සිටින නායකයෙකු රටට අවශ්‍ය බව පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පවසයි.

ඊයේ (13) කොළඹ පැවති උත්සවයකට එක්වෙමින් උන්වහන්සේ මේ බව සඳහන් කළහ.

“වැස්ස වහින කොට කූඩැල්ලෝ නැගිටිනවා වගේ දේශප්‍රේමීන් නැගිටිනවා.

මේ දිනවල දේශපාලඥයන්ට බුද්ධාගම ගැන පුදුමාකාර කැක්කුමක් තියෙන්නේ.

පහුගිය කාලයේ බුද්ධාගම රාජ්‍ය ආගම කියන වගන්තිය ඉවත් කරන්න යන විට කවුරුත් හිටියේ නෑ. රට 9කට කඩන්න යනකොට කවුරුත් හිටියේ නෑ.

දැන් ස්වාමීන් වහන්සේලා ඉන්ෂුවර් කරන්නත් යනවා. මේ තරම් අපිව රවට්ටපු ආණ්ඩුවක් 48න් පස්සේ බිහි වුණේ නෑ. එහෙම කියනකොට හොඳට රිදෙනවා. රිදෙන්නම තමයි කියන්නේ.

අපිත් මේ හැම නායකයෙක්ම ආශ්‍රය කරලා තියෙනවා. ඒ නායකයින් ප්‍රශ්නයක් කිව්ව ගමන් ඇහුම්කන් දීලා විසඳලා දුන්නා.

අපිට රට ගැන කියන්න ක්‍රමයක් තිබුණා.
දැන් විශ්වාසවන්ත චරිත නෑ දේශපාලන ලෝකයේ. කොකු ගහලා අපි ඇඳන් යන කරත්ත නෙවේ අපිට ඕනෙ. හොඳ දේශපාලන එන්ජිමක්.

කාටවත් බය නැති ගහපු ගිවිසුම් මොන ක්‍රමයකින් හරි අහෝසි කළ හැකි දණ ගහන්නේ නැති නායකයෙක්, මේ රටේ මිනිස්සුන්ට සැනසිල්ලේ නිදාගන්න දෙන්න පුළුවන් මිනිහෙක්, දරු පැටවුන්ට රටක් දුන්නා කියලා හිතන්න පුළුවන් මිනිහෙක් අපිට නායකත්වයට ඕනෙ” යනුවෙන් උන්වහන්සේ ප්‍රකාශ කර සිටියේය.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස